,

සක්කාරං

රු800.00

  • Author – චම්මින්ද වෙලගෙදර
  • Publisher – Surasa Publishers
  • Seventh batch 2017
  • ISBN 978-955-182290-3
  • 203 Pages

Availability: 3 in stock

Author – චම්මින්ද වෙලගෙදර

Publisher – Surasa Publishers

Seventh batch 2017

ISBN 978-955-182290-3

203 Pages

 

‘යාය තුන‘ ට ලැබුණු ප්‍රතිචාරය හෝ එහි දෙවන මුද්‍රණයක් ඉක්මනින් පිටවීමෙන් ලද උත්තේජනයම නොවෙයි ‘පසිංසිතෝ‘ මගෙන් ඉක්මනට ලියවුණේ. ‘පසිංසිතෝ‘ ට කිසිම උත්තේජනයක් නොලැබෙද්දීම මා අතින් තවත් නිර්මාණ දෙකක් ඒ එක්කම බිහි වුණා. මේ එයින් එකක්. ඒත් ඒවා ඔබත‘ට පත්වන්නේ අවුරුදු හතරක් විතර පමා වෙලා. ඒ නිසයි මා කියන්නේ උත්තේජනයම නොවෙයි හේතුව කියලා. නමුත් උත්තේජනය අපට ඇති කරවන්නේ අභිප්‍රේරණයක්. ඒක ඉතා වැදගත්. අපි ලියන දේකට කවුරු හරි බැන්නත් හොඳ කීවත් අපිට එය උත්තේජනයක් හා අභිප්‍රේරණයක් බවට පත් කර ගන්න පුළුවන්. ඇයි ‘ඔහු එය කියවා තිබේ‘ යන්න සනාථ වන බැවින්, නිර්මාණකරුවකුගේ තෘප්තිය අනුන් විසින් තමා කියවීමයි.දිගට හරහට ඉහළට පහළට ඇඳලා බලලා කියවීමයි.

එයට උපකාරී වන්නේ ලියන දේවල් ඉතා ඉක්මනට අන් අය විසින් කියවීමයි. එබැවින් පමා වී හෝ මෙය ඔබට ගෙන එන්නේ මගේ යාවජීව මිත්‍රයා විසින්මයි. ඔහු ප්‍රේම් දිසානායක. ඔහුට මෙන්ම මගේ අසමජ්ජාති අකුරු කියවමින් මා සමඟ සංවාදගත වෙමින් මෙය පරිගනක ගත කළ ඩිලන්ත මුතුගල යෞවනයාටත් මා ස්තුති විය යුතුයි.

ගත වූ එක්තරා කාලයක මෙරට පැවති වැඩවසම් සමාජය තුළ ඉහළ අගයක් ගත්තේ රාජකාරි ක්‍රමයයි. ඒ සමඟ දිගේලි වී ගිය ලිංගික සූරාකෑම ද රාජකාරියේම කොටසක් බවට පත්වූ සමාජයක රාජකාරිය සිය දේවකාරිය කරගත් තවත් එක්තරා උතුම් මිනිස් කොටසකගේ කතාන්දරයයි මේ.

 

#Sakkaran #ChammindaWelagedara #SinhalaPoth #OnlineBooks

Weight 0.241 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සක්කාරං”

Your email address will not be published. Required fields are marked *