, ,

සංගීතවිද්‍යා සංකථන

රු350.00

  • Author – කෝලිත භානු දිසානායක සහ චිල්ටස් දයාවංශ
  • Publisher – Vapa University Press
  • First Edition 2021
  • ISBN 978-624-5785-06-3
  • 117 Pages

Availability: 10 in stock

Author – කෝලිත භානු දිසානායක සහ චිල්ටස් දයාවංශ

Publisher – Vapa University Press

First Edition 2021

ISBN 978-624-5785-06-3

117 Pages

 

මහාචාර්ය කෝලිත භානු දිසානායක සුධිමතුන් විසින් සංගීතවිද්‍යා අධ්‍යයනාංශයේ ‘සංගීතවිද්‍යාව’ විෂය අරබයා පවත්වන ලද සාරගරුභ දේශන මාලාව ඇසුරින් සම්පාදිත ‘සංගීතවිද්‍යා සංකථන – ප්‍රාරම්භක, ගැඹුරු, අතිශය ප්‍රයෝජනවත් අධ්‍යයන පාඨ ග්‍රන්ථයක් වශයෙන් සපුරා අගය කරනුයේ සුභාශිර්වාද පෙරදැරිව ය. හුදු විස්තර කථනයක් නොව සංගීතවිද්‍යාව සම්බන්ධ ඉසියුම් විශ්ලේෂණයක් මේ කෘතියේ අන්තර්ගත ය.

මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර – මානව විද්‍යා අධ්‍යයනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ගංගොඩවිල, නුගේගොඩ

 

‘සංගීත විද්‍යා සංකථන’ කෘතිය අදාළ විෂය ක්ෂේත්‍රයෙහි නිරාකූල මනසක් ඇති කරගැනීමට උනන්දු වන ශාස්ත්‍රකාමී සියලු ම දෙනාට වැදගත් වන කෘතියකි. මේ ගත කුඩා වුව ද, එහි අධ්‍යයන සන්දර්භය පුළුල් අවකාශයක විහිදී ඇති බව මගේ විශ්වාසයයි.

සංගීත විද්‍යා අධ්‍යයනයෙහි අත්පොතක් ලෙස භාවිත කළ හැකි මේ පොත සංස්කරණය සහ ප්‍රකාශන කාර්යයෙහි නිරත වූ සියලු ම දෙනා වෙත හද පිරි ප්‍රණාමය පුද කරමි.

චන්ද්‍රලාල් අමරකෝන් – අධ්‍යයනාංශ ප්‍රධානී ( සංගීත විද්‍යා අධ්‍යයනාංශය) , ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (උත්තර භාරතීය සංගීත අධ්‍යයනාංශය) , සංගීත පීඨය – සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය

 

ඓතිහාසික ව සිදු වූ විවිධ ආක්‍රමණ, පාරිසරික සාධක, දේශපාලනික හා සංස්කෘතික බලපෑම් සංගීතයේ නේක හැඩතල නිර්මාණය වීමට මෙන් ම අනන්‍යතා ගොඩනැගීමට හේතු වී ඇත. පාරිසරික හා සංස්කෘතික විවිධත්වයෙන් යුක්ත ව ගොඩනැඟී ඇති මානව සමාජය තුළ දැකිය හැකි සංගීතමය භාවිතයෙහි විවිධත්වය අධ්‍යයනය කිරීම කාලෝචිත වූවකි. එහි ලා , මහාචාර්ය කෝලිත භානු දිසානායකයන්ගේ දේශන ඇසුරෙන් සංස්කරණය කරන ලද ‘සංගීතවිද්‍යා සංකථන’ ප්‍රකාශයට පත්වීම අගය කරමි. සංගීතය හදාරන විද්‍යාර්ථීන්ට මෙන් ම පර්යේෂකයින්ට මෙය වටිනා අත්පොතකි.

ආචාර්ය ඉරංගා සමින්දනී වීරක්කොඩි – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය , සංගීතවිද්‍යා අධ්‍යයනාංශය, අධ්‍යක්ෂ – සී. ද. එස්. කුලතිලක සංරක්ෂණ හා පර්යේෂණ ඒකකය, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය

 

#SangeethaVidyaSankathana #KolithaBhanuDissanayakeAndChiltusDayavansha #SinhalaPoth #OnlineBooks

Weight 0.147 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සංගීතවිද්‍යා සංකථන”

Your email address will not be published. Required fields are marked *