,

ශ්‍රී ලංකාවේ සාක්ෂ්‍ය නීතිය : 2 වන කාණ්ඩය

රු950.00

  • Author – ජී. එල් .පීරිස්
  • Publisher – Godage Publishers
  • Fourth Edition 2017
  • ISBN 978-955-20-3317-9
  • 378 Pages

Availability: 2 in stock

Author – ජී. එල් .පීරිස්

Publisher – Godage Publishers

Fourth Edition 2017

ISBN 978-955-20-3317-9

378 Pages

 

ශ්‍රී ලංකාවේ සාක්ෂ්‍ය නීතිය පිළිබඳ පැහැදිලි සහ අර්ථාන්විත විවරණයක් වූ මහාචාර්ය ජී. එල්. පීරිස්ගේ The Law of Evidence in Sri Lanka නම් කෘතියේ සරල සිංහල පරිවර්තනයේ දෙවන කාණ්ඩය යි මේ. මෙම කාණ්ඩයේ විශේෂයෙන් අන්තර්ගත වන්නේ කථිත සාක්ෂ්‍ය හා ලේඛනගත සාක්ෂ්‍ය, ඔප්පු කිරීමේ කාර්යභාරය, පූර්ව නිගමන, ප්‍රතිබන්ධන, සාක්ෂිකරුවන් හා සාක්ෂිකරුවන් විමසීම යන කරුණු හා අදාළ ශ්‍රී ලංකා නීතිය යි. සාක්ෂ‍්‍ය ආඥා පනතේ ඇතුළත් වී ඇති මේ කරුණු පිළිබඳ සාක්ෂ්‍ය නීතියේ මූලධර්ම ශ්‍රී ලංකාවේ විසඳී ඇති නඩු තීරණ ආශ්‍රයෙන් විචිත්‍ර ව ද විස්තරාත්මක ව ද මෙම කෘතියේ විග්‍රහ කර තිබේ.

කොළඹ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ නීති අංශයේ ප්‍රධානියා ද, එම විශ්වවිද්‍යාලයේ කලක් උප කුලපතිවරයා ද සිට අනතුරු ව ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ සහ වග කිවයුතු ඇමැතිවරයෙකු ද වන මහාචාර්ය පීරිස් ලංකාවේ බල පවත්වන නීතියට අදාළ වූ විවිධ නීති ක්ෂේත්‍ර අළලා ලියා ඇති ග්‍රන්ථ අතුරින් සාක්ෂ්‍ය නීතිය සම්බන්ධ මෙම කෘතියට වැදගත් තැනක් හිමි වේ.

පොත සිංහලට පරිවර්තනය කර ඇත්තේ කොළඹ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ නීති අංශයේ කථිකාචාර්යවරයෙකු ව සිටි ආචාර්ය එම්. ජේ. ඒ. කුරේ විසිනි.

සිංහලෙන් නීතිය හදාරන්නවුනට මේ පොත වෙසෙසින් ප්‍රයෝජනවත් වනු ඇත.

 

#SriLankaweSakshyaNeethiyaDevanaKandaya #GLPieris #SinhalaPoth #OnlineBooks

WhatsApp us