,

විනය කාර්ය කළමනාකරණය

රු850.00

  • Author – ඒ.එච් ගමගේ
  • Publisher – Godage Publishers
  • Fifth Edition 2021
  • ISBN 978-955-30-1713-0
  • 354 Pages

Availability: 4 in stock

Author – ඒ.එච් ගමගේ

Publisher – Godage Publishers

Fifth Edition 2021

ISBN 978-955-30-1713-0

354 Pages

 

ඒ. එච්. ගමගේ මහතා විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ) සිංහල ගෞරව උපාධිය හදාරා 1974 දී ඉහළ දෙවන පෙළ සාමාර්ථයක් සහිතව සමත්විය. අනතුරුව ලංකා බැකුවේ උප කළමනාකරුවකු වශයෙන් වසර තුනක් සේවය කර 1978 දී පරිපාලන සේවයට බැදී උප දිසාපතිවරයකු, සහකාර ආගමන විගමන පාලකවරයකු, ප්‍රාදේශීය ලේකම්වරයකු, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයකු ලෙස සේවය කර, ආයතන අධ්‍යක්ෂවරයා වශයෙන් ද සේවය කළේය. ඉන් අනතුරට බස්නාහිර පළාත් සභාවේ ලේකම්වරයා වශයෙන් ද විවිධ අමාත්‍යාංශවල ලේකම්වරයකු ලෙස ද සේවය කර දැනට පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරයි.

ඔහු රාජ්‍ය සේවයේ නිරතව සිටිය දී කොළඹ විශ්වවිද්‍යාලයේ බාහිර සිසුවකු වශයෙන් නීතීවේදී උපාධිය හදාරා නිතීඥයකු වශයෙන් 1989 දී දිවුරුම් දෙන ලදී. 1993-1995 දක්වා කාලය තුළ මහා බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර්වල සංවර්ධන පරිපාලනය පිළිබඳ ඩිප්ලෝමාව ද. ශාස්ත්‍රපති උපාධිය ද විශිෂ්ට සම්මාන සහිත ව සමත් විය. ඊට අමතරව 1998 දී ඇමෙරිකාවේ බොස්ටන් විශ්වවිද්‍යාලයේ නීති කෙටුම්පත් සම්පාදනය පිළිබඳ පශ්චාත් ඩිප්ලෝමා පාඨමාලාවක් ද හැදෑරීය.

මුල් කාලයේ සිටම බස්නාහිර පළාතේ, පළාත් සභාවේ පුහුණු ඒකකයේ කළමනාකරණය පිළිබඳ උපදේශකයකු වශයෙන් කටයුතු කළ අතර ම, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ බාහිර උපදේශකයකු වශයෙන් ද කටයුතු කර ඇත. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ආයතනයේ බාහිර කථිකාචාර්යවරයකු වශයෙන් ද කටයුතු කළ ඔහු, රාජ්‍ය සේවයේ විභාග සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පරීක්ෂකවරයකු වශයෙන් ද කටයුතු කරයි.

කළමනාකරණය පිළිබඳ න්‍යායාත්මක දැනීමත්, ආයතනික ප්‍රයෝගික දැනීමත් පිළිබඳ මනා අවබෝධයක් ඇති, රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන ඒ. එච්. ගමගේ මහතා අතින් සැකසුණු මේ ග්‍රන්ථ පරිපාලන නීතිය පිළිබඳව අධ්‍යයනය කරන විශ්වවිද්‍යාල ශීෂ්‍යයන්ට මෙන්ම රාජ්‍ය සේවයේ නිරතවන අයට ද තම දැනුම දියුණු කරගැනීම සඳහා බෙහෙවින් ඉවහල් වනු ඇත.

 

#VinayaKaryaKalamanakaranaya #WinayaKaryaKalamanakaranaya #AHGamage #SinhalaPoth #OnlineBooks

Weight 0.476 kg

Reviews

There are no reviews yet.

Be the first to review “විනය කාර්ය කළමනාකරණය”

Your email address will not be published. Required fields are marked *