,

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා

රු1,500.00

  • Author: ටී ජයකුමාර්
  • Publisher: JK Publication
  • Twelfth Batch 2021
  • ISBN 978-624-6006-03-7
  • 504 Pages

Out of stock

Author: ටී ජයකුමාර්

Publisher: JK Publication

Twelfth Batch 2021

ISBN 978-624-6006-03-7

504 Pages

 

ශ්‍රී ලංකාවේ  ආණ්ඩුක්‍රම ව්‍යස්ථා නමැති මෙම ග්‍රන්ථය මෙරට නිදහසින් පසු ක්‍රියාත්මක වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ දැනට ක්‍රියාත්මක වන 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට මේ  දක්වා ගෙන එන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන එලෙසින්ම ඉදිරිපත් වන ආකාරයට සම්පාදනය කර ඇත.

රාජාණ්ඩුවේ සිට ව්‍යවස්ථාදායකය දක්වා ක්‍රියාත්මක වූ ආණ්ඩු ක්‍රම පිළිබඳ මූලික අවබෝධයක් ලබා දීමට මෙහි සම්පාදක ටී ජයකුමාර් මහතා විසින් මෙම කෘතියෙන් කර ඇති සංක්ෂිප්ත විග්‍රහය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදාරන කාහටත් ප්‍රයෝජනවත් මග පෙන්වීමක ප්‍රවේශයකි.

ජනාධිපති නීතිඥ සරත් එන් සිල්වා –  හිටපු අග්‍ර විනිශ්චයකාර

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නැමැති මෙම ග්‍රන්ථයේ සම්පාදක ටී ජයකුමාර් මහතා නීති සාහිත්‍යයට නිර්මාණ රැසක් දායාද කළ සුවිශේෂී සන්නිවේදකයෙක්. ජනමාධ්‍යවේදය, භාෂා පරිවර්තනය, අධිකරණ ප්‍රවෘත්ති වාර්තාකරණ හා නීති සාහිත්‍ය ග්‍රන්ථ සම්පාදනය ආදී විවිධ ක්ෂේත්‍ර වල දී ඔහු දක්වා ඇති නිර්මාණශීලී කාර්යභාරය සුවිශේෂී බවක් ගෙන දෙයි.

ශ්‍රී ලංකා අධිකරණ භාෂා පරිවර්තකයෙකු ලෙස රාජ්‍ය සේවයේ කලා ධුර දැරූ හෙතෙම වන් විදුලි හා රූපවාහිනී මෙන්ම පුවත්පත් රැසක ප්‍රවෘත්ති සංස්කාරකවරයෙකු ලෙස ක්‍රියා කර ඇත. ඔහුගේ මාධ්‍ය භූමිකාව සජීවී අධිකරණ ප්‍රවෘත්ති වාර්තාකරණය නිසා නීති ප්‍රවෘත්ති වාර්තාකරණයේ නිම් වළලු පුළුල් කිරීමට සමත් විය.

සිංහල- දෙමළ- ඉංග්‍රීසි- ඉතාලි-ප්‍රංශ- ජර්මන් යන භාෂා පිළිබඳ දිවුරුම් දුන් භාෂා පරිවර්තකයකු වන මෙහි සංස්කාරකවරයා කොළඹ විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය ඩිප්ලෝමාධාරියෙකු මෙන්ම ස්වීඩනයේ කල්මාර් විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ උසස් ඩිප්ලෝමාධාරියෙක් ද වෙයි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භාෂා පරිවර්තන අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධිධාරියකු වන හෙතෙම නීති සාහිත්‍යයට ග්‍රන්ථ රැසක් ඳුන්වාදුන් ග්‍රන්ථ කතුවරයෙකි.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නැමැති මෙම ග්‍රන්ථයේ 12 වන සංශෝධිත මුද්‍රණය එළි දකිනුයේ පාර්ලිමේන්තුව 2020 ඔක්තෝම්බර් 20 වෙනිදා සම්මත කරගත් විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ද අන්තර්ගත කරමින් ය. මෙම සංශෝධිත මුද්‍රණය එළි දකින අවස්ථාව වනවිට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වන ක්‍රියාදාමයකට වත්මන් ආණ්ඩුව යොමුව සිටි.

 

#SriLankaweAnduKramaVyavastha #TJayakumar #SinhalaPoth #OnlineBooks

Weight 0.590 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා”

Your email address will not be published. Required fields are marked *