Author : මාර්ටින් වික්‍රමසිංහ
Publisher : Sarasa Publishers
First Edition 2019
ISBN 978-955-695-024-3
96 Pages
“ මාර්ටින් වික්‍රමසිංහගේ පළමුවැනි පුවත්පත් ලිපියෙන්ම වාදයක් පැන නැඟීම, ඔහුගේ ලේඛන ජීවිතය ආරම්භයේදීම සුබ දිසාවකට හැරුණු ඉඟිය සටහන් කරන සිද්ධියකි. අනෙක් වැදගත්ම කාරණය වනුයේ, මීට සියවසකටත් පෙර ශ්‍රී ලාංකික සමාජය – විශේෂයෙන්ම, සිංහල සමාජ – නවීන විද්‍යාව එකහෙළාම ප්‍රතික්ෂේප කරන්ට අධිෂ්ඨාන සහගතව සැදී පැහැදී සිටි ආකාරයයි. ඒ සමාජයේ ඇස් කන් නවීන ලෝකය දිසාවට – නවීන දැනීම දිසාවට – හැරවීම වූකලී, තරුණ මාර්ටින් වික්‍රමසිංහ ඉදිරියේ පැන නැගුණු බරපතලම අභියෝගය විය. ඉකුත් සියවසේ දශක හතක් පුරාම පැතිර ගිය ස්වකීය ලේඛන සම්ප්‍රදානය, මාර්ටින් වික්‍රමසිංහ නමැති තරුණ ලේඛකයා, නිර්භයව ඒ අභියෝගයට මුහුණ දුන් හැටි කියන අපූරු වෘත්තාන්තයක් වැන්න.”
#WrukshalathaHaSathwayo #MartinWickramasinghe #SinhalaPoth
Reviews
There are no reviews yet.