, ,

විවාහක ප්‍රේමය

රු350.00

  • Author – ආර්. එස්. කරුණාරත්න
  • Conjugal Love (by Alberto Moravia) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – Suriya Publishers
  • First Edition 2021
  • ISBN 978-624-5638-20-8
  • 127 Pages

Out of stock

Author – ආර්. එස්. කරුණාරත්න

Conjugal Love (by Alberto Moravia) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Suriya Publishers

First Edition 2021

ISBN 978-624-5638-20-8

127 Pages

 

මොරවියා ගේ නවකතාවලින් නිරූපණය කොට දැක්වෙන්නේ සමාජයෙන් පරාරෝපණය වීම හා ප්‍රේමයෙන් තොර වූ ලිංගිකත්වය පිළිබඳ තත්වයයි. ඔහු විසිවන සියවසේ ඉතාලියානු සාහිත්‍යයේ මුල් පෙළේ ලේඛකයෙකි. ඔහුගේ ප්‍රථම නිර්මාණය වූ Time of Indifference නවකතාව මධ්‍යම පන්තියේ මවකගේ හා ඇයගේ දරුවන් දෙදෙනාගේ සදාචාර පරිහානිය පිළිබඳ අතිශයෙන්ම දැඩි, විචාරාත්මක, යථාර්ථවාදී අධ්‍යයනයකි. එය පාඨකයන් අතර උද්වේගී භාවයක් ඇති කළ සාර්ථක නවකතාවක් විය. ඔහුගේ අනෙකුත් වැදගත් නවකතා අතර Two Adolescents, The Woman of Rome, Disobedience, The Conformist යන නිර්මාණ දැකිය හැකිය. මේ සියලු නිර්මාණ පුද්ගල හුදෙකලාභාවය සහ සමාජයෙන් පරාරෝපණය වීම පිළිබඳ තත්ත්වය තේමා කොට ගනියි. දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු යුගයේ ඉතාලියානු ජීවිතයට අනුගත වීමේ ස්වභාවය Two Women නවකථාවෙන් නිරූපිත ය. The Empty Canvas නවකථාවෙන් කියවෙන්නේ ප්‍රේමය තුළ හෝ නිර්මාණ කාර්යය තුළ හෝ අරුතක් සොයා ගැනීමට අසමත් වූ චිත්‍ර ශිල්පියෙකුගේ කතාන්දරයයි.

ඇල්බටෝ මොරෝවියාගේ තවත් වැදගත් නිර්මාණයක් වූ Conjugal Love නම් නවකථාව විවාහක ප්‍රේමය ලෙසින් මෙලෙස සිංහලට නගන්නේ ප්‍රවීන ලේඛකයකු, පරිවර්තකයකු හා මාධ්‍යවේදියෙකු වූ ආර්. එස්. කරුණාරත්න සූරීන් විසිනි. The Island පුවත්පතේ උපකතුවරයෙකු ලෙස සිය වෘත්තිය ඇරඹූ ඔහු ඉන්පසු Daily News පුවත්පත් නියෝජ්‍ය කර්ත ලෙසත් Daily Mirror හා Sunday Times පුවත්පත් වල ප්‍රධාන උප කර්තෘ ලෙසත්  Sunday Observer පුවත්පතේ  විශේෂාංග කතෘ හා සම කර්තෘ ලෙසත් සේවය කර ඇත.

 

#VivahakaPremaya #WivahakaPremaya #RSKarunarathna #SinhalaPoth #OnlineBooks

Weight 0.163 kg

Reviews

There are no reviews yet.

Be the first to review “විවාහක ප්‍රේමය”

Your email address will not be published. Required fields are marked *