,

ව්‍යවසායකත්වය

රු350.00

  • Author – කේ.ඒ්.එස්.පී. කළුආරච්චී
  • Publisher – Godage Publishers
  • Second Edition 2018
  • ISBN 978-955-30-3840-1
  • 160 Pages

Out of stock

Author – කේ.ඒ්.එස්.පී. කළුආරච්චී

Publisher – Godage Publishers

Second Edition 2018

ISBN 978-955-30-3840-1

160 Pages

 

කේ. ඒ. එස්. පී. කළුආරච්චි මහතා දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ සහ මූල්‍ය පීඨයෙහි කළමනාකරණ හා සංවිධාන අධ්‍යයනාංශයෙහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරයි. ඔහු කෑගල්ල බෝයගම මහා විදුහලෙන්, මාතලේ උඩස්ගිරිය අනගාරික ධර්මපාල මහා විදුහලෙන් සහ මාතලේ සාන්ත තෝමස් විදුහලයෙන් ප්‍රාථමික අධ්‍යාපනයත්, මාතලේ සාන්ත තෝමස් විදුහලයෙන් ද්වීතියික අධ්‍යාපනයත් ලබාගෙන 1994 වර්ෂයේ දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ වාණිජ විද්‍යා අධ්‍යයනාංශයට ඇතුළත් ව 1998 වර්ෂයේ දී වාණිජ විද්‍යාව පිළිබඳ (විශේෂ) උපාධිය දෙවැනි පෙළ ඉහළ ගෞරව සාමාර්ථයක් සහිත ව ලබා ගත්තේ ය. අනතුරුව, 2004 වර්ෂයේ දී කොළඹ විශ්වවිද්‍යාලයෙහි පශ්චාත් උපාධි පීඨයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය (MBA) ලබා ගත්තේ ය. 2006 වර්ෂයේ දී ජපන් රජයෙන් පිරිනමනු ලැබූ පශ්චාත් උපාධි අධ්‍යයන ශිෂ්‍යත්වයක් ලැබූ ඔහු ජපානයෙහි තෝකියෝවල පිහිටි “හෝසේ’ විශ්වවිද්‍යාලයෙහි ව්‍යාපාර පරිපාලන පීඨයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ දර්ශනසූරී උපාධිය (PhD in Business Administration) ලබා ගත්තේ ය.

2001 වර්ෂයේ දී සහකාර කථිකාචාර්යවරයෙකු වශයෙන් කොළඹ විශ්වවිද්‍යාලයෙහි කළමනාකරණ හා මූල්‍ය පීඨයට අනුයුක්ත වීමට පෙර සිට ම ඔහු කළමනාකරණ අධ්‍යයන ක්ෂේත්‍රයට අදාළ ග්‍රන්ථ රචනා කිරීම ආරම්භ කළේ ය. දැනට ඔහු එම ක්ෂේත්‍රයට අදාළව විවිධ විෂයන් ඔස්සේ ග්‍රන්ථ සහ දේශීය හා ජාත්‍යන්තර මට්ටමින් පර්යේෂණ ලිපි සහ වාර්තා රැසක් ම රචනා කොට තිබේ. තව ද, ඔහු මෙම ක්ෂේත්‍රය තුළ උපදේශකයෙකු සහ දේශීය සහ විදේශීය පර්යේෂණ කර්තෘ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරයි.

 

#Vyawasayakathvaya #Wiyavasayakathvaya #KASPKaluarachchi #SinhalaPoth #OnlineBooks

Weight 0.218 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ව්‍යවසායකත්වය”

Your email address will not be published. Required fields are marked *