,

වස විසෙන් තොර ව වගා කර ගත හැකි අපේ එළවළු

රු350.00

  • Author – අසෝක මාලිමගේ
  • Publisher – Godage Publishers
  • First Edition 2017
  • ISBN 978-955-30-8242-8
  • 176 Pages

Availability: 1 in stock

Author – අසෝක මාලිමගේ

Publisher – Godage Publishers

First Edition 2017

ISBN 978-955-30-8242-8

176 Pages

 

එළවළු යන්න නිර්වචනය වන්නේ හෙළ + අවුළු යන වදන් බද්ධ වීමෙන් ඇති වූ බව කියැවේ. එළවළු ගැන කථා කළා මිසක්, කියෙව්වා මිසක් අපි එහි ඇති වැදගත්කම ගැන කථා නොකෙළෙමු. මිනිසුන්ගේ සෞඛ්‍යය පවත්වා ගෙන යෑමටත් ලෙඩ රෝග වළක්වා ගැනීමටත් එළවළු වැදගත් වෙයි. සිරුර වඩන්නටත් සිරුර ප්‍රතිසංස්කරණය කරවන්නටත් අනිවාර්යයෙන් ම එළවළු අවැසි වෙයි. ඒවායේ වටිනා ආහාරමය ද්‍රව්‍යයෝ අඩංගු වෙති. සිරුරේ ඇති ඇල්කලයින් සංචිතය පවත්වා ගෙන යන්නට එළවළු වටින්නේ ය. ඒවායේ වටිනාකම ප්‍රධාන වශයෙන් ඉහළ විටමින් අන්තර්ගතයට හා ලෝහ අන්තර්ගතයට අයිති වෙයි. එළවළු විටමින් ඒ බී සහ සී සෑහෙන ප්‍රමාණයකට අන්තර්ගතයි. එළවළුවල අඩංගු වටිනාකම වැරැදි අන්දමින් ඉවීම සහ නොසැලකිලිමත් ගබඩා කිරීම නිසා වටිනා ද්‍රව්‍යයන් හීන වීම වෙයි.

ස්වභාවික පල ප්‍රයෝජනයන් : එළවළුවල පෝෂණදායී බවින් උපරිම පලයක් ලබන්නට නම් හැකිතාක් අලුත් බවින් හා පිරිසුදු බවින් යුක්ත විය යුතු ය. ඕනෑම එළවළුවක් අමුවෙන් හෙවත් සලාද වශයෙන් ගැනීම වඩාත් හොඳ ය. එහෙත් එහි ඇති කෘමි නාශක ගතිය නාශනය කර ගත යුතු ය. වස විසෙන් තොර විය යුතු ය. ඒවා උල්ලසිත බවින් තිබිය යුතු අතර තෙත බරිත බවින් නොවිය යුතු ය. එළවළු ඉවිය යුතු ම නම් එහි ඇති පෝෂ්‍යදායී භාවය සුරකින්නට වග බලා ගත යුතු ය.

අනෙක් කරුණ වන්නේ අප බොහෝ ආහාර උයන්නේ පිසින්නේ ඇලුමිනියම් භාජනවලය. ඇල්මිනියම් යනු මෘදු ලෝහයකි. එය ආහාර අම්ල සහ ඇල්කලයිනයන් මත ක්‍රියා කරයි. විද්‍යාත්මක පරික්ෂණයන්ගෙන් හෙළි වූයේ භාජනවලින් නික්මෙන ඇලුමිනියම් කුඩා කැබැලි සහ බලවත් ඇලුමිනියම් කහට, බඩවැලේ හා කුසේ ඇති සියුම් ආස්තරය තුවාල කොට පීඩා කරන බවයි. මෙයින් ජඨරීය උත්කෝපනය (Gastric irritation), දිරවීමේ අපහසුව සහ බඩවැලේ රෝග සාදයි. මැටි බඳුන් භාවිතය අතිශය වැදගත් වෙයි.

 

#WasaVisenThoravaWagaKaraGathaHakiApeElavalu #AsokaMalimage #SinhalaPoth #OnlineBooks

Weight 0.240 kg

Reviews

There are no reviews yet.

Be the first to review “වස විසෙන් තොර ව වගා කර ගත හැකි අපේ එළවළු”

Your email address will not be published. Required fields are marked *