, ,

ලක්දිව අමරණීය වීර චරිත

රු550.00

  • Author : ආචාර්ය රාජා ධර්මපාල   
  • Publisher : Fast Publishing (Pvt) Ltd 
  • First Edition 2020
  • ISBN 978-955-677-951-6
  • 244 Pages

Availability: 2 in stock

Author : ආචාර්ය රාජා ධර්මපාල   

Publisher : Fast Publishing (Pvt) Ltd 

First Edition 2020

ISBN 978-955-677-951-6

244 Pages

80 වන විය පිරි රාජා ධර්මපාල ලේඛනය, භාෂණය, සමාජ ක්‍රියාකාරිත්වය යන තෙකරුණෙහි තාමත් මුවහත්ය. මේ සඳහා පළමුව මුවාත තැබුවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙනි. අතීත භාරතීය හා ලාංකේය සබඳතා (Early Relationship of India and Sri Lanka) මාතෘකාවට අදාළව ආචාර්ය උපාධීය සඳහා පර්යේෂණවල යෙදී එය පිළිගැනීමෙන් ශාස්ත්‍රීය පර්ෂදයේ සාමාජිකයකු විය. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික හා ශාස්ත්‍රීය අංශවල වසර 15 කාලයක් සේවයේ යෙදීමට ලැබීම ජීවිත පන්නරය ලැබීමට තක්සලාවක් ලැබීම තරමේ ලාභයකි.

මෙහි දී මෛක්‍රෆෝනය ඉදිරියේ විද්‍යාලංකාරයේ යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම, මහාචාර්ය වල්පොල රාහුල, මහානායක බලංගොඩ ආනන්ද මෛත්‍රය, පණ්ඩිත හේන්පිටගෙදර ඤාණසීහ ආදී මහා යතිවරයන් වහන්සේලා මුණ ගැසුණි. මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහ, මහාචාර්ය ගුණපාල මලලසේකර, මහාචාර්ය සෙනරත් පරණවිතාන, මහාචාර්ය කේ.එන්. ජයතිලක, මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර, ආචාර්ය ඊ.ඩබ්ලිව්. අදිකාරම් ඒ අයුරින් හමු වූ විශාරදයන්ය. ඒ ඇසුර ආගම – දර්ශන – කලා – විද්‍යා සත් සයුරේ කිමිදීමට ලැබීම පරම භාග්‍යයකි.

ගීත රචක රඹුකන සිද්ධාර්ථ හිමි, එඩ්වින් ආරිදාස, ඩබ්ලිව්.ඒ. අබේසිංහ මහතුන් සමඟ ‘තුළණ’ ලියන්නට පටන් ගැනීමෙන් පෑනේ බලමහිමය හැඳින ලේඛනයේ ආස්වාදයට ලොල්විය. මේ 21 වන ග්‍රන්ථයයි.

 #LakdivaAmaraneeyaVeeraCharitha #RajaDharmapala #SinhalaPoth

Weight 0.268 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ලක්දිව අමරණීය වීර චරිත”

Your email address will not be published. Required fields are marked *