,

ලංකා ඉතිහාසයේ හෙළ යුගය

රු300.00

  • Author – සූරිය ගුණසේකර
  • Publisher – Visidunu Publishers
  • Fifth Batch 2018
  • ISBN 978-955-0955-24-4
  • 143 Pages

Out of stock

Author – සූරිය ගුණසේකර

Publisher – Visidunu Publishers

Fifth Batch 2018

ISBN 978-955-0955-24-4

143 Pages

 

60 දශකයේ දී අපත් සමග පේරාදෙණි විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වූ සූරිය ගුණස්කරයෝ එ දා සිටම ලංකා ඉතිහාසය කෙරෙහි උනන්දුවක් දැක්වූ විද්වතෙකි. දේශීය දෘෂ්ටියකින් ඉතිහාසය අර්ථකථනය කළ යුතු ය යන්න ඔහු ගේත් මගේත් දැඩි විශ්වාසය විය.

මහාවංසයේ විජයාගමනය පිළිබඳ කතා පුවතින් හෙළි වන කාල පරිච්ඡේදයට පෙර ඉතිහාසය පිළිබඳ ව විවිධ අර්ථ විවරණ ඇත. ඒ කාලයේ ඉතිහාසය විවරණය කිරීමේ ප්‍රධාන ම මූලාශ්‍ර වන්නේ පුරාවිද්‍යාත්මක සාක්ෂ්‍ය ය. භාරතීය සාහිත්‍ය කෘතීන් වන මහා භාරතය, රාමායණය, පුරාණ ග්‍රන්ථ වැනි පුරාවෘත්තයන් ද භාෂා විද්‍යාත්මක සාක්ෂ්‍ය ද ලංකා සෙල්ලිපි ද උපයෝගි කරගෙන ඉහත කී කාල පරිච්ඡේදයේ ඉතිහාසය ගොඩ නැංවීමට වෙහෙසෙන විද්වතුන් අතර ආචාර්ය සූරිය ගුණස්කරයෝ ද ප්‍රමුඛයෙකි.

ඔවුන් විසින් මේ කෘතියෙහි දක්වා ඇති විස්තර පිළිබඳ ව පොදු එකගතාවක් තිබිය නොහැකි ය. එහෙත් ප්‍රස්තුති කාල පරිච්ඡේදය පිළිබඳ ව මතවාදයක් ගොඩ නැංවීමටත් පුළුල් සාකච්ඡාවක් ඇති කිරීමටත් මේ කෘතිය නිසැක ව දායක වනු ඇත.

ඉන්ද්‍රකීර්ති සිරිවීර,  ජ්‍යෙෂ්ඨ මහාචාර්ය,  පේරාදෙණිය විශ්වවිද්‍යාලය

ආචාර්ය සූරිය ගුණසේකර පේරාදෙණිය සරසවියෙන් උපාධිය ලැබූ විද්‍යාර්ථියෙකි. මෙ රට පරිපාලන සේවයේ උසස් තනතුරු ගණනාවක් හෙබවූ ප්‍රවීණ පරිපාලන නිලධාරියෙකි. ජාතික මතවාද ස්ථාපිත කිරීමෙහි ලා මුල් වී කටයුතු කළ විද්වතෙකි.

අසූව දශකයේ දී මෙ තුමන් ගේ මැදිහත් වීමෙන් සති පතා පාඨකයන් අතට පත් වූ ‘සරසවි නොගිය බුද්ධිමතා’, ‘ගුරුවරයකු නොවන ගුරුවරයෙක්’, ‘නූතන ජීවක’ හා ‘නීතිය දෙස පියවි ඇසින්’යන ලිපි මාලා මෙ රට සමාජ චින්තනය අනුකාරකත්වයෙන් මුදාගැනීමෛහි ලා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළේ ය. ඉන් අනතුරු ව රචනා කළ ‘ලන්ඩන් ගිය බණ්ඩා’ හා ‘හබරණෙන් එහා ලෝකය’ ලිපි පෙළවල් උගත් පාඨක ලෝකය අභියෝගයට ලක් කරන අදහස්වලින් පිරී තිබිණි. මෙ තුමා විජයාවතරණයට පෙර ඉතිහාසය පිළිබඳ ව මේ කෘතියෙන් ඇරැඹි සංවාදය ඓතිහාසික රාවණ කෘතියේ දී තව දුරටත් ඉදිරියට ගෙන යයි.

 

#LankaIthihasayeHelaYugaya #SooriyaGunasekara #SinhalaPoth #OnlineBooks

Weight 0.179 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ලංකා ඉතිහාසයේ හෙළ යුගය”

Your email address will not be published. Required fields are marked *