,

මධ්‍යකාලීන රාජධානිය පො‌ළොන්නරුව

රු475.00

  • Author – ඒ. ලගමුව
  • Publisher – Sarasanvi Publishers
  • Fourth Batch 2021
  • ISBN 978-955-573-101-2
  • 475 Pages

Out of stock

Author – ඒ. ලගමුව

Publisher – Sarasanvi Publishers

Fourth Batch 2021

ISBN 978-955-573-101-2

475 Pages

 

මෙම ග්‍රන්ථය පොළොන්නරු රාජධානියේ භූගෝලීය, දේශපාලනික, ආර්ථික, සාමාජික, ආගමික, භාෂා සාහිත්‍යයික හා සංස්කෘතික යන විෂයයන් පිළිබඳව මෑත කාලයේ පළ වූ විමර්ශනාත්මක අධ්‍යයනයකි.

එහි පැරණි නගරයේ කළ පුරාවිද්‍යාත්මක ක්‍රියාකාරකම් මගින් අනාවරණ වූ ස්මාරක හා පුරාවස්තුවලින් හෙළිවන නවතම තොරතුරු ද විද්වතුන්ගේ අදහස් හා මූලාශ්‍රිත කරුණු ද ඇසුරින් ඉදිරිපත් කර ඇති ඓතිහාසික, පුරාවිද්‍යාත්මක හා වාස්තු විද්‍යාත්මක අංශ පිළිබඳ තුලනාත්මක විග්‍රහය මගින් නවතම තොරතුරු රැසක් හෙළිදරව් වෙයි. එසේ ම තදාසන්න ප්‍රදේශයේ මෙන්ම ඒ හා බැඳුණු සංස්කෘතික සංචාරක කර්මාන්තය අතර ඇති අනෙකුන්‍ය සම්බන්ධය ගැන ද මෙම කෘතියන් විවරණය වෙයි.

දස වසරකට අධික කාලයක් උතුරු මැද පළාතේ පර්යේෂණවල නිරත වූ මෙහි කතුවරයා පස් වසරක්ම පොළොන්නරුවේ ගතකළ පර්යේෂකයෙකි. මෙම ග්‍රන්ථය එම දීර්ඝ කාලීන අධ්‍යයනයේ පැහැදිලි ප්‍රතිඵලයකි. එබැවින් මෙම කෘතිය පොළොන්නරුව පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාගැනීම පිණිස පාඨකයාට අගනා මූලාශ්‍රයක් වනු ඇත.

සිරිනිමල් ලක්දුසිංහ, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, පුරාවිද්‍යා පශ්චාද් උපාධි ආයතනයේ අධ්‍යක්‍ෂ

 

#MadyakaleenaRajhadhaniyaPolonnaruwa #ALagamuwa #SinhalaPoth #OnlineBooks

Weight 0.291 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මධ්‍යකාලීන රාජධානිය පො‌ළොන්නරුව”

Your email address will not be published. Required fields are marked *