Author : ප්‍රියනාත් විදානපතිරණ
Publisher : KBOOKS Publishing
First Edition 2025
ISBN 978-624-5737-52-9
206 Pages
මට ඉතිරිය සම්පූර්ණ කරන්න නොදී ඔහු මා සිප ගත්තේය.
එය බලහත්කාරකමත්, පිරිමිකමේ දඩබ්බරබවත් මුසුවූ සිපගැනීමකි. මෘදු බවත්, දැඩිබවත් මුසුවූ සිපගැනීමකි. ආධිපත්‍යයත්, යටත්වීමත් මිශ්‍ර වූ සිපගැනීමකි. අනුමැතියත්, ප්රතික්ෂේපයත්, හිමිවූ සිප ගැනීමකි. මාගේ මුහුණ දෙපසින් පිහිටුවා තිබූ ඔහුගේ ශක්තිමත් දෑත් යම්කිසි පාලනයක රළු බවකුත්, ආරක්ෂාවක හැඟීමකුත් ගෙන ආවේය. ඔහුගේ හොඳින් වැඩුණු ශරීරය ඉදිරියේ මා පරඬැලක් මෙන් දියවී යනු මට දැණුනි. ඔහුගේ දෑස්වලින් නිකුත් වූ සල්ලාල දීප්තිය ක්‍රමයෙන් වැඩිවන ආකාරයත්, ඔහුගේ දෙතොල්වල තෙරපුම ක්‍රමයෙන් තීව්ර වන ආකාරයත් මට දැණුනි. මුලින් ඇතිවූ මාගේ ප්රතික්ෂේපය පසුව අනුමැතියක් බවට පත්වන ආකාරය අත්විඳිමින් සිටි මම, එකී අනුමැතිය බලෙන් ඉවත් කරගෙන වහා පසකට වුණෙමි.
ඉන්පසු ඔහුට වේගවත් කම්බුල් පහරක්…
“තමුසෙට ලැජ්ජ නැද්ද?” මම කෝපයෙන් පැවසුවෙමි. ඒ පවසනා ගමන්ම මා කෝප ගත්තේ ඇයිදැයි සිතාගත නොහැකිව නන්නත්තාර වූවෙමි.
#MagePemwathunEkolaha #PriyanathVidanapathirana #SinhalaPoth #SinhalaNavels #Navels #OnlineBooks






Reviews
There are no reviews yet.