Author – කැත්ලීන් ජයවර්ධන
Publisher – Sarasavi Publishers
First Edition 2021
ISBN 978-955-31-2341-1
232 Pages
සාහිත්‍ය කෘතියක් ද නොවන, එසේ නොවන්නේ ද නොවන, දාර්ශනික කෘතියක් ද නොවන, එසේ නොවන්නේ නොවන, පර්යේෂණ ග්‍රන්ථයක් ද නොවන, එසේ නොවන්නේ ද නොවන, මේ අමුතු පොත, ජීවිතයේ ඉම්පෙදෙස් හා මරණය තීර්ථය හරහා ඔබ රැගෙන යයි. සුනඛ සුරතලුන් දෙදෙනෙකුගේ ජීවිතය හා මරණය පිළිබඳ සරල කතාවකින් ඇරඹෙන එය, දිය බිඳුවක් සිතුවම් කෙරෙන කුඩා පින්සලකින් මහසයුරක් චිත්‍රණය කරයි.
මරණය යනු ශුන්‍යතාවක් ද?
විඳීමක් ද? විඳවීමක් ද?
එසේත් නැතහොත් සෞන්දර්ය චාරිකාවක් ද යන අඳුරු ප්‍රශ්නාවලියට සුමුදු ආලෝක පුංජයක් දල්වයි.
#Manju #KathleenJayawardene #SinhalaPoth #OnlineBooks






Reviews
There are no reviews yet.