, ,

බටහිර ආක්‍රමණ සහ ලංකාව

රු650.00

  • Author : රෝහණ පී. ප්‍රනාන්දු 
  • Publisher : Samanthi Publisher 
  • First Edition 2017
  • ISBN 978-955-084-117-2
  • 290 Pages

Availability: 3 in stock

Author : රෝහණ පී. ප්‍රනාන්දු 

Publisher : Samanthi Publisher 

First Edition 2017

ISBN 978-955-084-117-2

290 Pages

සිරි සම්බුදු පාදස්පර්ශයෙන් පූජනීයත්වයට පත්වූ ශ්‍රී ලංකාද්වීපය කුඩා දිවයිනක් වූවද කිසිඳු දිනෙක පරසතුරන්ට යටත් කර ගැනීමට නොහැකි වූ රමණිය භූමියකි. එසේ ලංකා ධරණී තලය සුරක්ෂිත වූයේ බුදු දහමේ ඇති තේජමාන භාවය හා ආශිර්වාදය නිසා වෙන් යැයි පුරාණ සිද්ධීන් විමර්ෂණය කර බැලීමෙන් පෙනේ. 

පෙර රජ දවසේ දකුණු ඉන්දීය ආක්‍රමණයන් ඇති වූවද වැඩි දුර යාමට නොදී ලංකාවේ දකුණින් නැගී ආ ජාතික හා ආගමික හිතවාදී බලවේග නිසා ඒවා විනාශ කරමින් ලංකාව ඒකීය රාජ්‍යයක් හැටියට පවත්වාගෙන ගිය බවට ඉතිහාසය සාක්ෂි දරණු ඇත. 

එසේම 1505 දී මුස්ලිම් වෙළඳ ඒකාධිකාරය හා කූට ක්‍රියා බිඳ දැමීම සඳහා පෘතුගීසීන් ලංකාවට ගෙන්වා ගත් නමුත් ඔවුන් රට අල්ලා ගත්තා නොවේ. ලන්දේසීන් හා ඉංග්‍රිසින් වූවද එසේමය. 1815 දී මේ රට ඉංග්‍රීසීන්ට ගිවිසුමක් මගින් බාරදුන්නේ රටේ පැවති කුලල් කාගැනීම් නිසාවෙනි. ඉංග්‍රීසින්ගෙන් මේ රටේ ආගමට හා සංස්කෘතියට ඇති වූයේ ඇති විශාල හිරිහැරයකි. 

මේ දෙය මධ්‍යස්ථව විමර්ෂණය කරමින් “බටහිර ආක්‍රමණ හා ලංකාව” යනුවෙන් ‌මෙ රට සිටින ජාතික, ආගමික හිතවාදී වියතෙකු හා ලේඛකයෙකු වන ආචාර්ය රෝහණ පී. ප්‍රනාන්දු මහතා විසින් කරුණු ලැබ ඇති ග්‍රන්ථය මා අතිශය ප්‍රශංසා පූර්වකව අගය කරමි. ඉතිහාසය විෂය පිළිබඳව පුළුල් දැනුමක් ඇති ආචාර්ය රෝහණ පී. ප්‍රනාන්දු මහත්මාට තවත් මෙවන් වැඩදායී ග්‍රන්ථ කිරීම සඳහා දිරිය හා ශක්තිය ලැවේවායි එතුමා ජීවත් වන ගමේ පන්සලේ නායික හාමුදුරුවන් වහන්සේ හැටියට මා තෙරුවණේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමි

මේ වගට,                                                                                                                                                                                                         ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත,                                                                                                                                                                                                                                                                                   පූජ්‍යපාද දම්පහළ ඤාණරතන ස්ථවිර                                                                                                                                                           අමරපුර නිකායේ එක්නැළිගොඩ විහාර පාර්ශවයේ                                                                                                                                                                              කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංඝනායක                                                                                                                                                                                    තෙලවල විජයරූපාරාමය ධර්මායතනාධිපති.

     

#BatahiraAkramanayaSahaLankawa #RohanaPFernando #SinhalaPoth #SriLankaweIthihasaya

 

                                                                                                                                                                                                                                                                                                                                                                                                                                           

Weight 0.333 kg

Reviews

There are no reviews yet.

Be the first to review “බටහිර ආක්‍රමණ සහ ලංකාව”

Your email address will not be published. Required fields are marked *