,

පෙත්සම

රු300.00

  • Author: ලීල් ගුණසේකර
  • Publisher: Dayawansa Jayakodi
  • Twenty Two Batch 2014
  • ISBN 978-955-551-763-8
  • 142 Pages

Out of stock

Author: ලීල් ගුණසේකර

Publisher: Dayawansa Jayakodi

Twenty Two Batch 2014

ISBN 978-955-551-763-8

142 Pages

 

ලංකා සිවිල් සේවය බැබළ වූ කීර්තිමත් දිසාපතිවරයකු ලෙස ලීල් ගුණසේකර ප්‍රසිද්ධය. රජරට ජනතාව ඇසුරෙන් ලත් ආභාෂයෙන් ඔහු ලියූ ‘පෙත්සම’ නවකතාව 1962  සාහිත්‍ය සම්මානයෙන් පුදනු ලැබීය. පෙත්සමෙහි බස ලිහිල් ය. ප්‍රාණවත්ය. නිර්මාණාත්මකය. එකල රජරට ජනතාවගේ අපූරු ජීවිත අලුත් පෙත්සමෙන් ගෙන දෙයි. නූතන පරම්පරා පරතරය සමඟ නව අරුත් ඔප්නංවන පෙත්සම වැදගත් සාහිත්‍ය උරුමයකි. ඉන්පසුව ලියන ලද ‘අත්සන’ සහ ‘මං නැතිදා’ නවකතා ද එසේමය. ලේඛන කලාවටත් ලේඛකයාටත් අතහිත දෙන ලීල් ගුණසේකර සිංහල ලේඛක සංවිධානයේ 1967 වසරේ ආරම්භක සභාපතිවරයා වූ අතර අද දක්වා එම තනතුර හොබවයි.

ශ්‍රී ලංකාවේ විවිධ තනතුරු අතර ගරු සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ සමගි පෙරමුණු රජයේ ඇමැති මන්ඩලයේ ලේකම් පදවිය ද ලන්ඩන් හි පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ කටයුතු පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය උපදේශක ලෙස ද කටයුතු කිරීමේ භාග්‍යය ලීල් ගුණසේකරයනට හිමි විය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ දර්ශනශූරී (Ph.D) උපාධිය සමත් වූ ආචාර්ය ලීල් ගුණසේකර විවිධ සමාජ සේවාවන් සඳහා දේශනේතෘ, රාජ්‍ය සම්මානය ඇතුළු නොයෙක් සම්මානයන් ලබා ඇති අතර ප්‍රජා සංවර්ධනය සඳහා සර්වෝදය ජාතික සම්මානයෙන් ද උපහාර ලැබීය.

ලීල් ගුණසේකරයන්ගේ අසූ විය සනිටුහන් කිරීම සඳහා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති අභිනන්දන රාජ්‍ය උත්සවයේ දී ‘ආචාර්ය ලීල් ගුණසේකර අභිනන්දන සමාචාර’ උපහාර ග්‍රන්ථය සමග විශේෂ ජනාධිපති සම්මානය ද පිරිනමනු ලැබීය.

ජීවිතයට වයස එකතු කරනු වෙනුවට වයසට ජීවය එකතු කරන ගුණසේකර නම් ජ්‍යෙෂ්ඨ පරිපාලකයා  අභිබවා කෘතහස්ත ලේඛකයා ඉස්මතු වී ඇත. ඒ සැමටම මුල් වූයේ වාසනාවන්ත ‘පෙත්සම’ නවකතාව බව ඔහුගේ පිළිගැනීමයි.

 

#Pethsama #LeelGunasekara #SinhalaPoth #OnlineBooks

 

Weight 0.181 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පෙත්සම”

Your email address will not be published. Required fields are marked *