, , ,

පුරාණ සබරගමුවේ දාරක වත්පිළිවෙත්

රු780.00

  • Author : සමන් කුමාරතුංග
  • Publisher: Sooriya Publishers
  • First Edition 2017
  • ISBN 978-955-656-428-0
  • 313 Pages

Availability: 2 in stock

Author : සමන් කුමාරතුංග

Publisher: Sooriya Publishers

First Edition 2017

ISBN 978-955-656-428-0

313 Pages

 

ලෝකයේ බොහෝ රටවල ජනතාව අතර දරු ප්‍රසූතිය, කිල්ල, ඔසප් චක්‍රය, ගබ්සාවීම වැඩිවියට පැමිණිම ආදිය පිළිබඳ පවත්නා ආකල්ප,වත්පිළිවෙත් හා චාරිත්‍රවාරිත්‍ර එකිනෙක වෙනස් තත්ත්වයක් විෂද කරයි. බොහෝ ප්‍රාථමික සමාජයන්හි වුව කාන්තාවන් විෂයෙහි පවත්නා පෙර සඳහන් කළ විශේෂ අවස්ථා පිළිබඳ අඩු වැඩි වශයෙන් වත්පිළිවෙත් පවත්වති.

ඕස්ට්‍රේලියාවේ කළුජාතිකයින්, ඇලෙස්කාවේ කාඩියස් දූපත් වාසීන්, දකුණු ඉන්දියානු ගෝත්‍රිකයන්, ශ්‍රී ලංකාවේ වැදි , කින්නර, රොඩී වැනි ජන කණ්ඩායම්, දකුණු අප්‍රිකාවේ කාපිරි ගෝත්‍රිකයින් , ටහීම් දූපත්වාසීන් අප්‍රිකාවේ ටොගෝ ජාතිකයින් ආදී වශයෙන් බොහෝ රටවල ජන කණ්ඩායම් දාරකත්වය අරභයා කරනු ලබන වත්පිළිවෙත් බොහෝ වෙත්. ශ්‍රී ලංකාවේද උඩරට, පහතරට, සබරගමු ප්‍රදේශයන්හි මෙන්ම යාපනය අර්ධද්වීපය, ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශයන්හි ජීවත් වන ජනතාව එක් එක් ආකාරයට දාරක වත්පිළිවෙත් පවත්වති.

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ B.F.A. උපාධියත්, කැලණිය විශ්වවිද්‍යාලයේ M.phil. උපාධියත් ලබා ඇති ප්‍රවීණ පාරම්පරික නර්තන ශිල්පියෙකු හා දේශීය සර්පවිෂ වෛද්‍යවරයෙකු ද වන “සබරගමු බලියාග පිළිවෙළ” කෘතියේ කතුවරයා වූ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සපරගමු නර්තන අධ්‍යයනාංශයේ අධ්‍යයනාංශ ප්‍රධාන සමන් කුමාරතුංග ලේඛකයා මෙවර අප වෙත ඉදිරිපත් කරන “පුරාණ සබරගමුවේ දාරක වත්පිළිවෙත්”කෘතිය සැබවින්ම අගනා ශාස්ත්‍රීය පර්යේෂණ ග්‍රන්ථයක් බව සඳහන් කළ යුතුය.

මේ මාහැඟි කෘතිය සමාජ විද්‍යාව , මානව විද්‍යාව, නර්තන කලාව, ලංකාවේ සිරිත් විරිත් වැනි විෂය ක්ෂේත්‍ර අධ්‍යයන කරන කවරම කෙනෙකුට වුවද ඉතා ප්‍රයෝජනවත් වන්නා හා ම සංස්කෘතික විෂය ධාරාවේ වපසරිය පුළුල් කිරීමට ඉවහල් වන්නක් බව ද කිව යුතු ය.

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ , නර්තන හා නාට්‍ය කලා පීඨයේ පීඨාධිපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මුදියන්සේ දිසානායක

#PuranaSabaragamuweDarakaWathPiliweth #SamanKumarathunga #SinhalaPoth #OnlineBooks

Weight 0.407 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පුරාණ සබරගමුවේ දාරක වත්පිළිවෙත්”

Your email address will not be published. Required fields are marked *