,

පුරාණ කෙම් ක්‍රම

රු180.00

  • Author – ගාමිණී කන්දේපොළ
  • Publisher – Sooriya publishers
  • First Edition 2016
  • ISBN 978-955-656-392-4
  • 53 Pages

Out of stock

Author – ගාමිණී කන්දේපොළ

Publisher – Sooriya publishers

First Edition 2016

ISBN 978-955-656-392-4

53 Pages

 

මිනිසුන්ට හා සතුන්ට ඇති වන ඇතැම් රෝගාබාධ තුරන් කිරීම සඳහාත් වී වගා සහ වෙනත් වගා කෘමි උවදුරුවලින් ආරක්ෂා කර ගැනීම සඳහාත් ගැමි ජනතාව අනාදිමත් කාලයක් තිස්සේ භාවිතා කිරීමට පුරුදව සිටින ගුප්ත ප්‍රතිකාර විධි විශේෂයක් ‘කෙම්’ යනුවෙන් හැඳින්වෙයි. ‘කෙම්’ ක්‍රම කෙරෙහි තබන ලද අචල විශ්වාසයක් ඇතිව දීර්ඝ කාලයක් තිස්සේ ග්‍රාමීය ජනතාව එය භාවිතා කරන්නේ එයින් ලත් සාර්ථක ප්‍රතිඵල පිළිබඳ අත්දැකීම් ඇතිවම ය.

කෙම් ක්‍රම අතිශයින් ගුප්ත ය. රෝගියකු වෛද්‍යවරයකුගේ උපදෙස් අනුව ‌ඖෂධ පාවිච්චි කළ විට සුව වීමත් වණයකට තුවාලයකට බෙහෙත් යෙදුණු විට එය සුවවීමත් වැනි ප්‍රායෝගික අත්දැකීම් කෙළවලින් නොලැබෙන හෙයිනි. එහෙත් ප්‍රතිඵල දැක ගත හැකි ය. කෙම් ක්‍රමවල ගුප්ත බව රදා පවනේ එතැන ය. එක් එක් කෙම් ක්‍රමය ක්‍රියාත්මක කළ යුතු විශේෂ පිළිවෙළක් ද නියමිතව තිබෙන අතර, බොහොමයක් ක්‍රියාත්මක කළ යුතු වන්නේ කපුටා හඬලන්නට ද කලින් අලුයම් කාලයේදී ය. කෙමක් ක්‍රියාත්මක කරන්න එහි ආරම්භයේ සිට අවසානය දක්වාම කතා නොකර එම කාර්යයෙහි යෙදිය යුතුය යන්න මෙහි ඇති තවත් සුවිශේෂ නියමයකි. ඇතැම් විට කෙනකු නිරුවතින් ගොස් ක්‍රියාත්මක කළ යුතු කෙම් ක්‍රම ඇති බව ද අපට අසන්නට ලැබී තිබේ.

දීර්ඝ ඉතිහාසයක් ඇති කෙම් ක්‍රමවල මෙතෙක් කිසිවකුට දක්නට නොලැබුණු විද්‍යාත්මක පදනමක් තිබේදැයි නිගමනය කරනු පිණිස පර්යේෂණයක් ක්‍රියාත්මක නොවීම, විශිෂ්ට විද්‍යාත්මක දියුණුවත් උදා වී තිබෙන යුගයක බලවත් ඌනතාවකැයි ද කිව හැකි ය. කෙසේ වුව ද මෙවැනි ගුප්ත ප්‍රතිකාර ක්‍රමයක් අනාදිමත් කාලයක් තිස්සේ මෙහි පැවැති බවවත් අනාගත පරපුරට දැනගත හැකි වන සේ මෙවැනි පොතක් සම්පාදනය කිරීම මාධ්‍යවේදී ගාමිණී කන්දේපොළ අතින් ඉටු වී ඇති ශාස්ත්‍රීය හා සමාජ මෙහෙවරකි.

සිරි රණසිංහ , ලංකාදීප ප්‍රධාන කර්තෘ

 

#PuranaKemKrama #GaminiKandepola #SinhalaPoth #OnlineBooks

Weight 0.075 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පුරාණ කෙම් ක්‍රම”

Your email address will not be published. Required fields are marked *