Author : සමරනායක විපුලගුණ
Publisher : Sooriya Publishers
First Edition 2021
ISBN 978-955-656-585-0
111 Pages
බිලිඳු වියේ සිට ම එක් මොහොතක් එක් තැනක නිකම් නො සිට දුව පනිමින් කෙළි ලොල් ළමා ජීවිතයක් ගත කළ ඔහු තේරුමක් නැති දේ කළහ යි පියා සිතීය. එහෙත් ඔහු කළ හැම දෙයක් ම ළමා වියට උචිත ය. අර්ථවත් ය. නිර්මාණාත්මක ය. ඔහු නිති පතා පාසල් ගියත් ගෙදර දී එක් වරක්වත් පොතට නෙත් නො හෙළි ය. අකුරක් නො ලියුවේ ය. ඉර බැස යන තෙක් කෙළි යහළුවන් සමඟ එක්ව කෙළිබිමේ, කජු ගස් සෙවනේ , වන රොදේ කල් ගෙවමින් පොතින් සහ ගුරුවරුන්ගෙන් ලැබිය නොහැකි ඵලදායි අධ්‍යාපනයක් ලැබී ය. නිවෙසේ පහන් දැල්වීමත් සමඟ ම අනෙක් සහෝදරයන්ගේ අතට පොත් පැමිණියත්, ඔහු වෙතට පැමිණියේ නිදි මත ය.
#PiyaSamarinHeliwanaKumarathungaMunidasa #SamaranayakeVipulaguna #SinhalaPoth #OnlineBooks






Reviews
There are no reviews yet.