,

පතොක් මලක්

රු800.00

  • Author: ලෙහාන් හඳුන්ගේ
  • Publisher: Grantha Publishers
  • First Edition 2021
  • ISBN 978-624-5572-22-9
  • 284 Pages

Out of stock

පතොක් මලක

Author: ලෙහාන් හඳුන්ගේ

Publisher: Grantha Publishers

First Edition 2020

ISBN 978-624-5572-22-9

284 Pages

 

“කොමන් බැජ් රෙප් කැපා අයියා කතා කරන්න කලින් මෙච්චර කල්පනා කරපු දවසක් මම මීට කලින් දැකලම නැද්ද කොහෙද?” අස්ලි යන්තමින් සිනාසෙමින් කීවාය.

“කතාව පටන් ගන්න තැනක් තමා නංගි මම මේ කල්පනා කළේ. මුල ඉඳන් කිව්වොත් මේක ටිකක් දිග කතාවක්.”

“මම ඒක අහන්න වෙලා නැති තරම් බිසී කෙල්ලෙක් නෙවෙයි අයියේ. ඔයා මුල ඉඳන්ම කියනවා නම් අහන් ඉන්න එක නම් මට ප්‍රශ්නයක් නෙවෙයි.”

“එහෙනම් එහෙමවත් පටන් ගමුකෝ නංගී. මේක නංගිට මතකද දන්නෙ නැහැ. මම කාලෙකට කලින් නංගිව හම්බුණ වෙලාවක නංගිට කිව්වා නංගි කැම්පස් එකට ආපු දවසේ ඉඳන්ම කැම්පස් එකේම ඇටෙන්ෂන් එක නංගිට ලැබුණා කියලා. එහෙම වෙන්න හේතුව විදියට මම කිවුවේ ඔයා ටැලන්ටඩ් වුණ නිසා කියලනේ. ඒ් ඇරෙන්න ඒකට තව හේතුවක් තිබුණා.”

“මොකක්ද කැපා අයියේ ඒ?”

“ඔයාගේ පෙනුම නංගි. ඒ තරම් කාලෙකට කැම්පස් එකට ආව කිසිම කෙල්ලෙක්ගේ නොතිබ්බ අහිංසක ලස්සනක් ඔයාගේ තිබිලා තිබුණා. අපේ සීනියර්ස්ලා, සුපර් සීනියර්ස්ලා පවා ඒ ගැන කියලා තියෙනවා.”

අස්ලි සිනාසුණේය. ඒ සිනහව සරදමත් සතුටත් එකට මුහුවූ සිනහවක් විය.

 

#PathokMalak #LehanHadunge #SinhalaPoth #OnlineBooks

Weight 0.315 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පතොක් මලක්”

Your email address will not be published. Required fields are marked *