,

දෙදහස් පන්සිය වසරක බොදු සමය

රු950.00

  • Author – පද්මා ගුණසේකර
  • 2500 Years of Buddhism (by P.V. Bapat) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – Sunera Publishers
  • Second Batch 2017
  • ISBN 978-955-9128-68-X
  • 593 Pages

Out of stock

Author – පද්මා ගුණසේකර

2500 Years of Buddhism  කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Sunera Publishers

Second Batch 2017

ISBN 978-955-9128-68-X

593 Pages

 

දෙදහස් පන්සිය වසරක බොදු සමය නමින් සිංහලයට පරිවර්තනය කළ මෙම කෘතියට මුල් වූයේ බුද්ධ වර්ෂ 2500 හෙවත් ශ්‍රී බුද්ධ ජයන්තිය නිමිත්තෙන් ක්‍රි. ව. 1956 දී ඉන්දීය රජය විසින් ප්‍රකාශයට පත් කළ 2500 years of Buddhism නැමති ග්‍රන්ථයයි. එය භාරතීය විද්වතුන් රැසකගේ සහභාගීත්වයෙන් එළි දක්වන ලද ග්‍රන්ථයකි. එම මුල් ග්‍රන්ථයේ පෙරවදන සම්පාදනය කළේ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙකුවූත්, එවකට ඉන්දියානු ජනරජයේ උප ජනාධිපති පදවිය දැරුවාවූත් සර්වපල්ලි රාධක්‍රිෂ්ණන් නම් විද්වතා ය.

මෙම ග්‍රන්ථය සිංහලයට පරිවර්තනය කළ පද්මා ගුණසේකර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිය ප්‍රථම උපාධිය ලැබ ශ්‍රී ලංකා මහ බැංකුවේ විධායක නිලධාරිනියක් වශයෙන් සේවය කිරිමෙන් පසු ලේඛක වෘත්තියට පිවිස රබීන්ද්‍රනාත් තාගෝර්ගේ Reminiscences, ගාර්ෂියා මාකේස්ගෙ News of a Kidnapping, ඩෙනිස් වෙයිට්ලි සහ රෙනී  එල්. විට්ලි ගේ Joy of Working වැනි සම්භාවනීය කෘති රැසක් සාර්ථක ලෙස සිංහලයට පරිවර්තනය කළ ලේඛිකාවකි. ඇය අතින් පරිවර්තනය වූ, මට මතක ගම (ඉන්දියානු මහාචාර්ය එම්. එන්. ශ්‍රීනිවාස්ගේ  The Remembered village) කෘතියට 2015 රාජ්‍ය සාහිත්‍ය සම්මානය ද, ඉන්දියාවේ බෞද්ධ නිකායයන් (ඉන්දියානු මහාචාර්ය නලීනාක්ෂ දත්ගේ Buddhist Sects in India) කෘතියට 2015 බෞද්ධ සාහිත්‍ය සම්මානය ද හිමි විය.

 

#DedahasPansiyaWasarakaBoduSamaya #PadmaGunasekara #SinhalaPoth #OnlineBooks

Weight 0.688 kg

Reviews

There are no reviews yet.

Be the first to review “දෙදහස් පන්සිය වසරක බොදු සමය”

Your email address will not be published. Required fields are marked *