,

දීපවංස

රු720.00

  • Author – බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය
  • Publisher – Ajith Printers
  • Second Batch 2018
  • ISBN 978-955-663-577-5
  • 306 Pages

Out of stock

Author – බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය

Publisher – Ajith Printers

Second Batch 2018

ISBN 978-955-663-577-5

306 Pages

 

ක්‍රි.ව. 4 වැනි සියවසේදී ලියැවිණැයි සැලකෙන, ශ්‍රී ලංකාවේ ප්‍රථම වංසකථාව වශයෙන් සැලකෙන ‘දීපවංස’ නැමැති කෘතිය, බොහෝ විද්වතුන් අතර විවිධ මතභේද ජනිත කළ ග්‍රන්ථයකි. රචිත කාලය ක්‍රි.පු. 4 වැනි සියවස වශයෙන් සැලකෙන නමුත්, එම සියවසේ කවර අවධියකදී රචනාවී දැයි නිගමනයක් නැත. ඕල්ඩන්බර්ග් මහතාගේ අදහස අනුව මෙම කෘතිය ක්‍රි.ව. 4 වැනි සියවසේ මුල් වසර තිස්තුන තුළ ලියැවුණකි. ගුණපාල මලලසේකර මහතා ඊට පටහැනිව කරුණු ඉදිරිපත් කරයි. ‘දීපවංස’ කර්තෘ පිළිබඳව ඇත්තේ ද මෙවැනි මතභේදාත්මක අදහස්ය.

මෙම කෘතිය ඒකකර්තෘකද? බහුකර්තෘකද යන්න එක් මතභේදයකි. මෙය රචනා කරන ලද්දේ භික්ෂුන් වහන්සේ නමක විසින්ය යන මතයක් මෙන්ම මෙය භික්ෂුණීන් වහන්සේ නමකගේ රචනයක්ය යන මතයක්ද වෙයි. මාගධී භාෂාව පිළිබඳ පුළුල් දැනුමක් හිමි කරගෙන නොසිටි විද්වතෙකු විසින් කරන ලද රචනාවක් වශයෙන්ද සැලකේ. ‘දීපවංස’ කර්තෘ සිය කෘතිය රචනා කිරීම සඳහා ඉන් පෙර පැවති චේතියවංසට්ඨකථා, මහාචේතියවංසට්ඨකථා, මහාබෝධිවංසට්ඨකථා වැනි හෙළ අටුවා මූලාශ්‍රය කරගෙන ඇතැයි ඕල්ඩර්බර්ග් මහතා සහ විල්හෙල්ම් ගයිලර් මහතා ද මත ප්‍රකාශ කරන අතර ඔටෝ ෆ්‍රෑන්ක් මහතාගේ අදහස වන්නේ, බාහිර කිසිදු ග්‍රන්ථයක ආභාෂය නොලබා ස්වාධීන කෘතියක් වශයෙන් රචනා කරන ලද්දක් බවය.

ප්‍රසාද් පොන්සේකා මහතා විසින් සංස්කරණය කොට පරිවර්තනය කරන ලදුව, අප විසින් ප්‍රකාශයට පත්කරනු ලබන මෙම දීපවංස නවසංස්කරණය ඉහත සඳහන් බොහෝ මතභේදයන්ට සාධාරණ විසඳුම් ලබාදීමට ගත් ප්‍රශස්ත උත්සාහයක් වශයෙන් සැලකිය හැකිය. මෙම නව සංස්කරණයේදී කර්තෘ විසින් ඉදිරිපත් කරන පෙරවදන ඉන්දියාවේ බුද්ධකාලයේ සහ අශෝක කාලයේද ඉතාහාසය සම්බන්ධයෙන් කරනු ලබන අතිශය වැදගත් පර්යේෂණයකි. ඒ හැරුණු විට දින දර්ශන පෙරළුම් වගුව, දීපවංසයේ දැක්වෙන ඉන්දියාවේ මහාජනපදවල සිතියම, අශෝක කාලයේ ඉන්දියාවේ සිතියම, මගධ රාජ්‍යය අවට ප්‍රදේශය දැක්වෙන සිතියම, පාටලී පුත්ත සිට වේදිස දක්වා මාර්ග සිතියම, ශ්‍රී ලංකාව අවට මෝසම් සුළං හමන දිසාවන්, අනුරාධපුරය ක්‍රි.පූ. 250 සිට ක්‍රි.ව. 300 දක්වා යන සිතියම් සහ වගුව ඉතිහාසය සහ පුරා විද්‍යාව පිළිබඳ උනන්දුවක් දක්වන නවකයන්ට මෙන්ම ප්‍රවීනයන්ටද අතිශයින් වැදගත්වනු නොඅනුමානය.

මෙම ‘දීපවංසය නව සංස්කරණය‘ ප්‍රකාශයට පත්කිරීම සඳහා ඉතා උනන්දුවෙන් ක්‍රියා කළ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ ප්‍රකාශන අංශයේ සහ මුද්‍රණ අංශයේ සියලු නිලධාරි මහතුන්ට බෙහෙවින් කෘතඥ වෙමි.

කිරම විමලජෝති ස්ථවිර , අධ්‍යක්ෂ

 

#Deepawansa #BauddhaSanskruthikaMadyasthanaya #SinhalaPoth #OnlineBooks

Weight 0.430 kg

Reviews

There are no reviews yet.

Be the first to review “දීපවංස”

Your email address will not be published. Required fields are marked *