Sale!
, , , , ,

දැදිගම වී රුද්‍රිගු මහතාගේ පරිවර්තන ද්විත්වය

Original price was: රු2,750.00.Current price is: රු2,613.00.

  • වානේ පන්නරය ලැබූ හැටි  + සැබෑ මිනිසෙකුගේ කතාවක් 
  • සාමාන්‍ය මිල – රු. 2750/=
  • අපේ මිල – රු.2613/=

Availability: 2 in stock

වානේ පන්නරය ලැබූ හැටි  + සැබෑ මිනිසෙකුගේ කතාවක් 

සාමාන්‍ය මිල – රු. 2750/=

අපේ මිල – රු.2613/=

 

වානේ පන්නරය ලැබූ හැටි 

Author : දැදිගම වී. රුද්‍රිගු 

How the Steel was Tempered (by Nicolay Ostrovski) කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher : Susara Publisher

Third Batch 2017

ISBN : 978-955-676-506-9

592 Pages

 

වානේ පන්නරය ලබන්නේ ගිනි රත් කොට වහාම දැඩි සීතට හසු කිරීමෙනි. සිවිල් යුද්ධයේ ගින්නෙන් හා සාමකාමී ඉදිකිරීමේ වැඩවලින් ඔහුගේ පරපුර පන්නරය ලැබී ය. ඔහුගේ ජීවිතය ‘ ගැට්ට ළඟට ම ‘ පැමිණි විට දී, ක්‍රියා විරහිත බවට, ඇස් අන්ධ වීම ද එකතු විය. අවසානය ළං වූවාක් මෙන් හැඟිණි. 1930 සැප්තැම්බර් 11 දා ඔස්ත්‍රොව්ස්කි සෝච්වලින් සිය සගයා වන ප්යොත්රා නෝව්කොට්ට මෙසේ ලියුවේ ය. 

 

” ජීවත්වීම සනාථ කිරීම සඳහා අවශ්‍ය හරයකින් ජීවිතය පුරවාලීම අරමුණු කරගත් සැලැස්මක් මා ළඟ ඇත. එම සැලැස්ම ඉතා අමාරු ය. ඉතා අසීරු ය. එය ක්‍රියාවට යෙදවීමට හැකි වූවොත් අප පසු ව ඒ ගැන කතා කර ගනිමු…. “

 

” ඔබ නිර්භීත මිනිහෙකි. කොමියුනිස්ට්වාදී පරමාර්ථවලට කැප වීමට ඔබට හැකි වූයේ නිර්භීතකම නිසා ද? “

 

” ඔව්. ” 

 

ඔස්ත්‍රොව්ස්කි මොහොතකුදු පමා නොවී පිළිතුරු දුන්නේ ය. ඔහුගේ රෝගය අසාධ්‍ය වූව ද, අත් පා සෙලවිය නොහැකි වූව ද, දෙනෙත් අන්ධ වූව ද, දිවා රෑ නොතකා ශාරීරික වශයෙන් පීඩා වින්ද ද ඔහු ඉතා ප්‍රීතියෙන් පසු වන බව වාර්තාකරුට පැවසී ය. 

#WanePannarayaLabuHati #DadigamaVRudrigu #SinhalaPoth #SinhalaPariwarthana

 

සැබෑ මිනිසෙකුගේ කතාවක් 

Author : දැදිගම වී රුද්‍රිගු

A STORY OF A REAL MAN (by Boris Polevoi) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher : Susara Publishers

Second Batch 2016

ISBN 978-955-676-454-3

318 Pages

 

‘අලෙක්සේයි මරේසියව්’ නම් රුසියන් සෙබළා දෙවන ලෝක සංග්‍රාමයේ දී ඇඩොල්ෆ් හිට්ලර්ගේ ජර්මානු යුද සේනාංක හා සටන් වැද තම දෙපා අහිමි කරගත් ගුවන් හමුදා නියමුවෙකි. තම දෙපා අහිමිවීමෙන් පසුව ද හිට්ලර්ගේ ප්‍රබල හමුදා සමඟ සටන්වැද විශිෂ්ට ජයග්‍රහණ රුසියන් හමුදා වෙත අත් කර දෙන්නට ඔහු සමත් විය.

මේ නවකතාවේ කතා නායකයා ඔහුයි.

මුළු යුරෝපයම වාගේ ලෙයින් නෑවූ දෙවන ලෝක යුද්ධයේ දී හිට්ලර්ගේ සේනා සෝවියට් සංගමයෙන් සෑහෙන කොටසක් අල්ලා ගැනීමට සමත් වූ අතර, සෝවියට් සෙබළු හිට්ලර්ගේ ජර්මන් සේනාවන්ට හා ඔහුට ගැති රටවල් ගණනාවක යුද හමුදාවලට ද විරුද්ධව සටන් දියත් කළහ.

ඒ සෑම අවස්ථාවකදීම අසමසම වීරත්වයක් පෙන්වූ සෝවියට් ජනතාවගේ දේශප්‍රේමීත්වය ද මේ කෘතියෙන් අපට මනාව පැහැදිලි වේ. මුලින් සෝවියට් සංගමයෙන් පළවූ මේ කෘතිය පසුව භාෂා ගණනාවකට පරිවර්තනය විය.

#SabaMinisekugeKathawak #BorisPolevoi #ParivarthanaNawakatha

Weight 1.150 kg

Reviews

There are no reviews yet.

Be the first to review “දැදිගම වී රුද්‍රිගු මහතාගේ පරිවර්තන ද්විත්වය”

Your email address will not be published. Required fields are marked *