,

දඩබ්බරයා.

රු400.00

  • Author: ඩිල්ෂාන් පතිරත්න
  • Publisher: Authors Print
  • First Edition 2019
  • ISBN 978-624-95036-0-1
  • 134 Pages

Out of stock

Author: ඩිල්ෂාන් පතිරත්න

Publisher: Authors Print

First Edition 2019

ISBN 978-624-95036-0-1

134 Pages

 

නිකෝස් කසන්සාකිස් ලියූ Zorba the Greek හෙවත් “සෝබා නම් ග්‍රීකයා” මා කියවූ ප්‍රියතම පොත නොවෙයි. එහෙත් පොතකට ලද පසු කථනයන් පිරික්සීමේදී “ඕෂෝ” “සෝබා නම් ග්‍රීකයා” ට දුන් පසු කථනය මා කියැවූ අර්ථවත්ම පසුකථනයයි.

“සෝබාගේ” නැටුමෙහි ඇත්තේ තාවකාලික සතුටක් පමණයි. ඔහු ඉන් විඩාවට පත්වෙනවා. එනිසා මා ප්‍රාර්ථනා කරන්නේ “සෝබා සහ බුද්ධ” එකිනෙකා මුණගැසිය යුතු බවයි. පරිපූර්ණ මිනිසෙකු ගොඩ නැගෙන්නේ එතැනයි.ඒ ඕෂෝ ගේ අදහසයි.

“බුද්ධ” පිළිබඳ මා යම්තාක් දුරකට හෝ ගවේෂණයකට පෙළඹවූයේ එම පසු කථනයයි. එම ගවේෂණය අරමුණක් නොමැතිව හුදු කියැවීමකින් පමණක් ඇරඹුණ ද ඒ කියැවීම තුළදී, ආගමකින් යටපත් වු දර්ශනයක නටබුන් ඉතා පහසුවෙන් සොයාගත හැකිවිය. ඇදහිලි හා විශ්වාසයන්ගෙන් දර්ශනය යටපත් කරමින් සාහිත්‍යයෙන් පොහොසත් වූ ආගමක් හොඳින් මුල් බැසගෙන ඇති රටක, සැබෑ “බුද්ධ” සොයා යෑම අති දුෂ්කර බව දැන් මාගේ හැඟීමයි. එමෙන්ම දේශපාලන සර්වත්‍රකුලකයේ ආගම උපකුලකයක් වී ඇති මෙසමය අබුද්ධස්සය ලෙස පිළිගැනීම ද වරදක් සේ මම නොදකිමි.

බුදුන් නොදෙසූ දේ සහ දෙසූ බවට ඉඟියක්වත් නැති බොහෝ දේ අද බුදුදහම බවට පත්ව තිබේ. පැවිදි නිකායන්, හින්දු දෙවිවරු, නැකැත් ශාස්ත්‍ර , වෘක්ෂ වන්දනා, බාරහාර , ධාතු වන්දනා , ලක්ෂ ගණන් මල් පූජා , පහන් පූජා ආදී තවත් බොහෝ දේ බුදු දහම ජීවත් කරවමින් තිබේ. මෙබඳු වත් පිළිවෙත් මතින් “බුද්ධ” දේශනා කළ දර්ශනය පසක් කර ගැනීම අතිදුෂ්කර වන්නේය. සාහිත්‍ය මූලාශ්‍ර මඟින් “බුද්ධ” සෙවීම නිෂ්ඵල බව මම අවබෝධ කරගතිමි. “බුද්ධ” මුණ නොගැසුණ ද මා ගමන් ගත් කෙටි සාහිත්‍ය මඟ තුළ මට හරි අපූරු මිනිසෙකු මුණ ගැසුණි. හේ “සිද්ධාර්ථ” යි.

ලොව සබුද්ධිකම දර්ශනය දේශනා කළ “බුද්ධ” ගේ පූර්ව අවධිය වූ සිද්ධාර්ථ සොයා යෑමේදී මා ඉතා ඕනෑකමින් පරිශීලනය කළ කෘති කිහිපයක් මෙහිදී සිහිපත් කරනු කැමැත්තෙමි. බවතරණය (මාටින් වික්‍රමසිංහ) ,බුද්ධ චරිතයෙන් බුද්ධ චරිතයට (කේ. ජයතිලික) ,බුද්ධ චරිතය (බලංගොඩ ආනන්ද මෛත්‍රීය හිමි) , ගෝතම බුදුරජාණන් වහන්සේ (සනත් නානායක්කාර), බුද්ධ චරිතය (මහාචාර්ය සුචරිත ගම්ලත්) , මහරහතුන් වදාළ බුද්ධ චරිතය (වල්පොල පියනන්ද හිමි සහ ස්ටීවන් ලොන්ග්) , සිද්ධාර්ථ ගෞතම ශ්‍රී සම්බුද්ධ (නිමල් කරුණාරත්න), අමා වැස්ස , යසෝදරාව (ජයසේන ජයකොඩි) , නෙළුම් මලේ කුමරිය , යශෝධරා (විලියම් බැරට් / පරිවර්තක ආනන්ද අමරසිරි) ඒ අතර සුවිශේෂ වන්නේය.

එම මූලාශ්‍රයන්ගේ තොරතුරු උකහා ගනිමින් මා අතින් ලියැවුණු කෘතිය පර්යේෂණයක් සේම ප්‍රබන්ධයක් ලෙසද හඳුන්වා දීමට කැමැත්තෙමි. “දඩබ්බරයා” ජනප්‍රිය සාහිත්‍යයේ මුණ ගැසෙන සිද්ධාර්ථ තරමක ව්‍යතිරේඛයක් විය හැක.

එනිසා මට මුණ ගැසුණු සිද්ධාර්ථව “දඩබ්බරයා” හරහා ඔබට හඳුන්වා දීමට මා දැරූ ප්‍රයත්නයක් සේ දක්වමින් මෙම කෘතිය ජනගත කරමි. ඒ මාගේ පෙරවදනයි. එතැනින් ඔබ්බට යමක් කිමට මම අදහස් නොකරමි. බටහිර ලේඛකයකු වූ “ ජොන් රැන්සම්” වරක් ප්‍රකාශ කළේ “කතුවරයා කෘතියට පෙරවදන ලියන නමුදු පසුවදන ලියන්නේ පාඨකයා විසිනි “ යනුවෙනි. මමද ඒ ප්‍රකාශය තදින්ම විශ්වාස කරමි. ඒ විශ්වාසයේ තරම කොතෙක්ද යත් පසුවදන ලියන්නට පාඨක ඔබ වෙනුවෙන්ම ඉඩ වෙන්කොට තබමි.

ඩිල්ෂාන් පතිරත්න

 

#Dadabbaraya #DilshanPathirathna #SinhalaPoth #OnlineBooks

Weight 0.172 kg

Reviews

There are no reviews yet.

Be the first to review “දඩබ්බරයා.”

Your email address will not be published. Required fields are marked *