, , ,

තනිවූ දියණිය

රු1,150.00

  • Author: නිහාල් කුලසූරිය
  • The Lost Daughter (by Diane Chamberlain) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Ashirwada Publishers
  • First Edition 2021
  • ISBN 978-624-5519-10-1
  • 600 Pages

Availability: 1 in stock

Author: නිහාල් කුලසූරිය

The Lost Daughter (by Diane Chamberlain)  කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Ashirwada Publishers

First Edition 2021

ISBN 978-624-5519-10-1

600 Pages

 

යෞවනයේ හැඟීම් වලට අවනතව තනි වූ මවකගේ, පියෙකු කිසිදිනක නොදුටු තනි වූ  දියණියක්, මවගේ අකල් මරණයෙන් පසු අනාත නිවෙස් වල ද, කැප කාර මවුපියන් කිහිපදෙනෙකු යටතේද හැදී වැඩී, 16 වැනි වියේ දී ම නිදහස් දිවි පෙවතක් අරඹයි. බලාපොරොත්තු දහසක් පොදි බැඳ දීප්තිමත් අනාගතයක සිහින මවමින් සිටියදී, ඒකපාර්ශවීය දැඩි පෙමින් බැඳී, වංචනිකයකුගේ  දැලට හසුව  නොමඟට යොමු වී, බරපතළ අපරාධයකට සහය දීමේ වක්‍ර ප්‍රතිඵලයක් ලෙස, දිනකටත් අඩු වයසැති බිළිදියක  උරුම කරගනී.

සහභාගීවූ අපරාධයේ බරපතළ තත්ත්වය නිසාම නීතියෙන් වසන්ව සිටීමට බිළිඳියගේ අනන්‍යතාවය, තමා මෙන්ම තමාට ද සෙනෙහස දක්වන සැමියාගෙන් ද, දියණියන් ගෙන් මෙන්ම නෑදෑ හිත මිතුරන් ගෙන් හා ලෝකයාගෙන් සඟවා තබා ගන්නා ඇයගේ සියලුම ව්‍යායාමයන්, විසිහත් වසරකට පසු සුනුවිසුනු වී යයි. ඒ, නොකළ වරදකට මරණ දඬුවම නියමව ඇති පුද්ගලයකුගේ ජීවිතය එසේ නිමවීමට ඇයගේ හෘද සාක්ෂිය ඉඩ නොදුන් හෙයිනි. එනමුත් ඇයගේ සුනු විසුනු වූ ජීවිතය ඇය නැවතත් ගොඩනගා ගනියි. ඒ කෙසේද?

මේ, පෙකනි වැල කැපූ සැනින්, සෝදා පිරිසිදු කිරීමටත් පෙරම, රෙදිකඩක ඔතා කරපින්නා ගත් බිලිඳියක සමග ඝන අඳුරේ අනාගතය බලා ගමන් ගත් 16 හැවිරිදි සිසී ගේ කතාවයි.

 

#ThanivuDiyaniya #NihalKulasooriya #SinhalaPoth #ParivarthanaPoth #OnlineBooks

Weight 0.713 kg

Reviews

There are no reviews yet.

Be the first to review “තනිවූ දියණිය”

Your email address will not be published. Required fields are marked *