,

ජීවිතය,මරණය සහ මරනයෙන් පසු ජීවිතය

රු250.00

  • Author – එස්.අයි.ගමගේ
  • Publisher – S.Godage saha Sahodarayo
  • Second Batch 2014
  • ISBN 978-955-30-5311-4
  • 111 Pages

Availability: 1 in stock

Author – එස්.අයි.ගමගේ

Publisher – S.Godage saha Sahodarayo

Second Batch 2014

ISBN 978-955-30-5311-4

111 Pages

 

මිනිස් ලොව උපදින සත්ව සමූහයා උපතේ සිට මරණය දක්වා යම්තාක් කල් ජීවත් වේද එසේ උපතත් මරණයත් අතර කාලය සත්වයා ජීවත්වන කාලයයි. ජීවිතය යනුවෙන් අදහස් කෙරෙන්නේ එකී කාලය අතර සත්ත්වයන්ගේ පැවැත්මයි.

එම ජීවිත කාලයට ළදරු කාලය, ළමා කාලය, යෞවන කාලය, වැඩිහිටි කාලය සහ මහලු කාලය අයත් වන්නේය. මේ කාලය ගත කළ යුතු ආකාරය සංස්කෘත සෘෂිවරයෙකු කියා ඇත්තේ මෙසේය.

ශෛෂවේභ්‍යස්ත විද්‍යානං – යෞවනේ විෂයෛෂිණාම්

වාජ්ධකේ මුනි වෘත්තීනං – යොගේනාත්තේ කනුභ්‍යජාමි

යනුවෙන් ළදරු කාලය හැරුණු විට ළමා කාලයෙහි රැකිරක්ෂාදිය හෝ ධනෝපායන් හා දරුමල්ලන් හැදීමෙන් වැඩිහිටි කාලයෙහි දරුවන්ගේ අවශ්‍ය කටයුතු ඉටු කිරිමෙන් පසුව මුනි වෘතියෙහි හෙවත් යහපත් කුසල් දහම්වල යෙදීමෙන්, අවසාන වශයෙන් මහලු වියෙහි බණ භාවනාවල යෙදීමෙන් මරණය කෙරෙහි අවධානය යොමු කර බණ භාවනාවලදී පින් කවි කළ යුතු බවත්ය.

ඒ කටයුතු ඉටුකර ගැනීමට එසේ උපදෙස් දුන්නේ මරණයෙන් පසුව පරලොව ජීවිතය සුගතිගාමී කරගැනීම සඳහාය. එම යහපත් ක්‍රියාදාමයන්හි යෙදීමට උපදෙස් දී ඇත්තේ මතු ජීවිතය හෙවත් මරණින් පසුව ඇතිවන ජීවිතය හා සම්බන්ධ ඉපදීම යහපත් උත්පත්තියක් බවට පත් කර ගැනීම සඳහාය.

ජීවිතය, මරණය සහ මරණයෙන් පසු ජීවිතය නමැති මෙම ග්‍රන්ථය ප්‍රවීණ ග්‍රන්ථ කර්තෘ වරයෙකු වන ආචාර්ය එස්. අයි. ගමගේ සූරීන් විසින් රචනා කර ඇත්තේ උපත ලබන තැනැත්තාගේ මෙලොව ජීවිතයත් පරලොව ජීවිතයත් පිළිබඳ කරුණු පැහැදිලි කිරීමටය. මෙය ඔබ විසින් කියවිය යුතු වැදගත් ග්‍රන්ථයක් ලෙස මම හඳුන්වා දෙමි….

ගෞරව ශාස්ත්‍රවේදී , ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත, ප්‍රවීණාචාර්ය , පූජ්‍ය ගන්තලාවේ ශ්‍රී ගුණානන්ද ස්ථවිර නායක

 

#JeewithayaMaranayaSahaMaranayenPasuJeewithaya #SIGamage #SinhalaPoth #OnlineBooks

Weight 0.160 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ජීවිතය,මරණය සහ මරනයෙන් පසු ජීවිතය”

Your email address will not be published. Required fields are marked *