,

ජනශ්‍රැති විද්‍යාව

රු800.00

  • Author – නන්දසේන රත්නපාල
  • Publisher – S.Godage saha Sahodarayo
  • Sixth batch 2021
  • ISBN 955-20-1327-5
  • 360 Pages

Out of stock

Author – නන්දසේන රත්නපාල

Publisher – S.Godage saha Sahodarayo

Sixth batch 2021

ISBN 955-20-1327-5

360 Pages

 

ජනශ්‍රැති විද්‍යාව කියන්නේ ජනශ්‍රැතියේ පවත්නා ජනකවි, ජනකතා, විශ්වාස, ඇදහිලි, චාරිත්‍ර වාරිත්‍ර, යාතුකර්ම, වෘක්ෂ හා සත්ත්ව ශ්‍රැති, ජනබස, ජන සන්නිවේදන, ජන වෙදකම, ප්‍රස්තා පිරුළු, තේරවිලි, ජන ක්‍රීඩා, අභිචාරවිධි, උත්සව හා කෙළිසෙල්ලම්, යනාදිය පිළිබඳ දත්ත විද්‍යානුකූලව එකතුකොට, වර්ගීකරණය කොට, විග්‍රහයට භාජන කිරීම ය. එසේ කරන්නේ ජනශ්‍රැතිය මගින් මිනිස් සංස්කෘතිය හඳුනා ගෙන මිනිසා පිළිබඳව අවබෝධය පළල් කරගැනීමට ය.

ජනශ්‍රැති විද්‍යාව පිළිබඳ න්‍යායයන් පැහැදිලි කරමින් රචිත මේ ග්‍රන්ථයේදී තමන්ගේ පර්යේෂණ ක්ෂේත්‍රයෙන් හැකිතාක් ප්‍රයෝජන ගන්නට කතුවරයා තැත් කොට ඇත. මීට පෙර Folk Lore නමින් වාර සංග්‍රහයකුත්, සිංහල ජනකවි, ජන සාහිත්‍යය හා Folk Lore of Sri Lanka නමින් ජනශ්‍රැති ග්‍රන්ථ කීපයකුත් ඔහු විසින් බිහි කොට ඇත. මේ ග්‍රන්ථය විද්වතුන්ට මෙන් ම විශ්වවිද්‍යාල ශිෂයන්ටත්, ගුරු භවතුන්ටත්, සාමාන්‍ය පාඨශාලා සිසු සිසුවියන්ටත් ජනශ්‍රැති විදනාව ඉගෙනීමට මහඟු මාර්ගයක් වෙයි.

මහාචාර්ය නන්දසේන රත්නපාල ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව හා මානව විද්‍යාව උගැන්වීමෙහි යෙදී සිටියි.

ඔහු ලබා ඇති ආචාර්ය උපාධි පහකි. එක් ආචාර්ය උපාධියක් ජනශ්‍රැති පර්යේෂණ හා මානව විද්‍යාව හා සම්බන්ධ ව වෙයි.

දීර්ඝ කාලයක් මෙරට හා පිටරට සරසවිවල ජනශ්‍රැතිය උගන්වා, ජනශ්‍රැති පර්යේෂණ සිදු කොට තමා ලබාගත් නොමඳ අත්දැකීම් හා දැනීම් සම්භාරය ජනශ්‍රැති විද්‍යාවෙන් හෙතෙම ජාතියට දායාදකොට දෙන්නේය.

ඔහු අද සම්මාන මහාචාර්ය වරයෙකි.

 

#JanashrathiVidyawa #JanashretiWidyawa #NandasenaRathnapala #SinhalaPoth #OnlineBooks

Weight 0.474 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ජනශ්‍රැති විද්‍යාව”

Your email address will not be published. Required fields are marked *