,

ගිණුම්කරණය – ප්‍රශ්න හා විසඳුම් විග්‍රහය

රු850.00

  • Author – අසංක නිරෝෂණ
  • Publisher – Samudra Publishers
  • First Edition 2020
  • ISBN 978-955-710-081-4
  • 288 Pages

Availability: 2 in stock

Author – අසංක නිරෝෂණ

Publisher – Samudra Publishers

First Edition 2020

ISBN 978-955-710-081-4

288 Pages

 

අ.පො.ස. උසස් පෙළ විභාගයේදී ගිණුම්කරණ විෂයට විශිෂ්ට සාමාර්ථයක් ලබා ගැනීම සඳහා ගිණුම්කරණ විෂයේ දෙවන ප්‍රශ්න පත්‍රයට නිර්මාණාත්මකව විභාග අනුමාන ප්‍රශ්න සැකසීමේ ක්‍රමවේදයට හා ඊට අදාළ පිළිතුරු සැපයීමේ ක්‍රියාවලියට සමාන්තරව ඉතා පැහැදිලි විවරණයක් මෙම ග්‍රන්ථයෙන් සිදුකර ඇත.

උසස් පෙළ වාණිජ විෂය ධාරාවෙහි ප්‍රමුඛතම විෂයක් ලෙසින් සැලකෙන ගිණුම්කරණය විෂය සඳහා එහි තාර්කික හැකියාවට ප්‍රමුඛතාවය ලැබෙන පරිදි මෙම කෘතිය නිර්මාණය කර ඇත. මෙම විෂය සඳහා ගණක යන්ත්‍ර භාවිතයට ලද අවසරය තුළ ද මා දකින්නේ ගිණුම්කරණය සංඛ්‍යාත්මක එකතු කිරීමකින් නොව තාර්කිකව විෂය අවබෝධය තුළින් පමණක් ප්‍රගුණ කළ යුතු විෂයක් බවයි.

මෙම ග්‍රන්ථයේ කතුවර අසංක නිරෝෂණ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන විශේෂ උපාධිය පන්ති සමාර්ථයක් සහිතව ලබාගත් අයෙකි. වරලත් ගණකාධිකරණ ආයතනයේ ආවසරික ගණකාධිකරණ මට්ටම සමත් ඔහු ගණකාධිකරණ ශිල්පීය ආයතනයේ සාමාජිකයෙක්ද වේ.

දිවයින්නේ ප්‍රධාන නගර කිහිපයකම දශක තුනකට ආසන්න කාලයක් උසස් පෙළ ගිණුම්කරණය විෂය ඉගැන්වීම පිළිබඳව සුප්‍රකට උපකාරක පන්ති ගුරුවරයෙකු වන ඔහු සිසුන් දහස් ගණනකට පරිපූර්ණව අධ්‍යාපනය ලබා දී ඇත. ගිණුමිකරණ විෂය පිළිබඳව මනා දැනුමකින් හා මනා අත්දැකීමකින් හෙබි ඔහු අතින් රචිත මෙම ග්‍රන්ථය උසස් පෙළ ගිණුම්කරණ විෂය හදාරණ දරුවන්ගේ දැනුම ප්‍රවර්ධනය සඳහා මහඟු පිටිවහලක් වන බව මගේ ඒකායන විශ්වාසයයි.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, සුදන්ත ලියනගේ, උප කුලපති, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ගංගොඩවිල, නුගේගොඩ.

 

#GinumkaranayaPrashnaHaVisadumVigrahaya #AsankaNiroshana #SinhalaPoth #OnlineBooks

Weight 0.670 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ගිණුම්කරණය – ප්‍රශ්න හා විසඳුම් විග්‍රහය”

Your email address will not be published. Required fields are marked *