, , ,

ග්‍රැෆික් ඩිසයිනිස් සඳහා ඇඩෝබි ඉලස්ට්‍රේටර්

රු500.00

  • Author: එන්.පී.විජේරත්න
  • Publisher: Akarsha Publishers
  • First Edition 2021
  • ISBN 978-955-672-253-6
  • 104 Pages

Availability: 1 in stock

Author: එන්.පී.විජේරත්න

Publisher: Akarsha Publishers

First Edition 2021

ISBN 978-955-672-253-6

104 Pages

 

කම්පියුටර් ක්ෂේත්‍රයේ වැඩිම රැකියා අවස්ථාවන් පවතින්නේ මෙන්ම අතිශයින්ම ආශ්වාදයකින් වැඩ කළ හැකි අංශයත් වන්නේ ද ග්‍රැෆික් නිර්මාණකරණයයි. එහිදී ඇඩෝබි ක්‍රියේටිව් ස්වීට් එකට අයත් ෆොටෝෂොප් සහ ඉලස්ට්‍රේටර් පිළිබඳ දැනුම අතිශයින්ම වැදගත් වෙයි.

මෙම පොත ඉලස්ට්‍රේටර් පිළිබඳව නවකයෙකු විසින් දැනගත යුතුව ඇති සියලුම සාධක මෙන්ම විවිධ අවශ්‍යතා සඳහා ආට්වර්ක්ස් නිර්මාණය කර ගන්නා ආකාරයත් ඔබේ ඩිසයින්ස්වලට එක් කරන රූප, වර්ණ, පෙළ (ටෙක්ස්ට්) ආදිය නිර්මාණාත්මකව ඉදිරිපත් කරන ආකාරයත් අදියරෙන් අදියර පැහැදිලි කර දෙන අත් පොතකි.

ඉලස්ට්‍රේටර් ඉන්ටර්ෆේසයේ (පිවිසුම් තිරයේ) සිට, නව නිර්මාණයක් පටන්ගැනීම, විවිධ හැඩතල එක්කිරීම, හැඩතල ඒකාබද්ධ කිරීම, වර්ණ ගැන්වීම, චිත්තාකර්ෂණීය ලෙස අක්ෂර එක් කිරීම, චිත්‍ර නිර්මාණය හා නිර්මාණවලට විවිධ වෙනස්කම් කිරීම වැනි බොහෝ සාධක මෙහි පැහැදිලි කර ඇත.

පොත් කවර, අත් පත්‍රිකා හා විවිධ දැන්වීම් ආදිය සකස් කරන අයට මෙම පොතේ විස්තර කර ඇති නිර්ණායක බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා ඇත.

#GraphicDesigningSadahaAdobeIlastrater #NPVijerathne #SinhalaPoth #OnlineBooks

 

WhatsApp us