, ,

ගංතෙර ගැටයා

රු380.00

  • Author : රූපා ශ්‍රියානි ඒකනායක
  • Publisher : Sooriya Publishers
  • Second Batch  2017
  • ISBN 978-955-656-382-6
  • 169 Pages

Availability: 2 in stock

Author : රූපා ශ්‍රියානි ඒකනායක

Publisher : Sooriya Publishers

Second Batch  2017

ISBN 978-955-656-382-6

169 Pages

“මං තමයි පණ්ඩුකාභය…”

මට මහ හඬින් හිනාගියේය.

“තමුසෙ හොඳට බොරැ කියන්න දන්නව නේද ? මාව ගොනාට අන්දන්න හදනවද? පණ්ඩුකාභය මැරිල දැන් කොචි්චර කල්ද?”

“ඒක හැබෑව….ඔයාල දන්නෙ එහෙම තමයි…. ඒත් මේ ලෝකෙ තියෙනව පුදුම දේවල්…”

“මේ මොකක්ද ?”

“මගෙ ඉතිහාස පොත…”

ඔහු පොත පෙරළුවේ ය. ඔහුගේ ඇස් බැමි පුදුමයෙන් උඩ යනු මම දුටුවෙමි.

“මොනවද මේ කළු තිත් තිත් වගෙ තියෙන්නෙ?”

“ඔව්ව තමයි අකුරු….මේ..මේි ..අක්ෂර කියන්නෙ… ආන්න ඒව…”

“මේව ලියන්නෙ පන්හිදෙන්ද?”

“නෑ..නෑ.. මේව අච්චු ගහන මැෂින් තියෙනව.. ඒවට කියන්නෙ මුඳ්‍රන යන්ත්‍ර කියල… එක මිනිත්තුවකට  මේ වගෙ පිටු සිය ගණන් ඒකෙන් පිට වෙනව..’’

වර්තමානයේ යොවුන් දරුවන් ගේ ලෝකය වඩාත් පුළුල් ය.විසල් ය. ඉඳුරාම තාක්ෂණික ය.මෙවන් දරු පරපුරක් වෙනුවෙන් ලියන කතාවක් අතිශයින්ම රසාලිප්ත බස් වහරකින් හා රසවත් සිද්ධි මාලාවකින් අනූන විය යුතුය.  රූපා ශ්‍රියානි ඒකණායක ඇගේ මේ යොවුන් නවකතාව  තුළීන් තැත් කරන්නේ  එවන් ලක්ෂනයන්ගෙන්  අනූන කතාවකින් යොවුන් මනසට ඉතා දයාවෙන්  ආමන්ත්‍රනය කිරීමටයි. කුතුහලය හා චමත්කාරය මනාව සංකලනය කර ගනිමින් ද, ඉතිහාසය සහ නවීනත්වය එකට මුසුකර ගනිමින්ද දිග හැරෙන  මේ කතාව යොවුන් මනස තුළ විචිත්‍ර චිත්‍ර ජනිත කිරීමට  සමත්වනු  නොවනුමානය.

#GantheraGataya #RupaSriyaniEkanayake #SinhalaPoth #LamaintaKiyaweemata

Weight 0.213 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ගංතෙර ගැටයා”

Your email address will not be published. Required fields are marked *