Author : ඒ.එම්. කරුණාරත්න
Publisher : Dayawansha Publisher
Third Batch 2013
ISBN 978-955-551-928-1
191 Pages
අඩ සිය වසකට පමණ පෙර ඇතැම් ගමක විසූ ආරච්චිල, ගමේත්, ඔහුගේ බල ප්‍රදේශයේත්, ප්‍රජා හිතකාමී නිර්ව්‍යාජ නායකයා වූයේය. වතු ආර්ථිකය හා බැඳුණු මුදල් ආර්ථිකය ගමට පිවිසියේ බල පුළුවන්කාරකමත්, සංස්කෘතික පෙරළියකුත් කරපින්නාගෙනය. කුරිරු බූවල්ලෙකුගේ අඬු පරිද්දෙන් ගමේ හැම අංශයක් කරාම පැතිර ගිය වාණිජත්වය ඉදිරියේ ගමත්, ග්‍රාමීය නායකත්වයත්, අසරණ විය. එහෙත් තම ගමේත්, තම සංස්කෘතියත් ඉදිරියේ ඇති අභියෝගය වටහා ගත්තෝ ගැමි නායකයෝ වුහ. කාලයත්, වයසත් නමැති සාධකය තුළ, නැගී එන වාණිජවාදයට එරෙහිව ඔවුනට සටන් කළ නොහැකි වුවද, ඔවුන් මිය පරලොව යන්නේ පරම්පරා ගණනකට රැගෙන යාමට අවශ්‍ය වටිනා පණිවිඩයක් තබමිනි… පරිසරයත් මිනිසාත් අතර පැවති ස්වබාවික සම්බන්ධතාවය තුනී කල කෘත්‍රිම අර්ථ ක්‍රමය ඉදිරියේ ඔහු මුහුණ පානා ඛේදනීය ඉරණම තේමා කොට ගත් මෙම නවකතාව කදිම නිර්මාණයක් සේම ගම ආශ්‍රිතව වයඹ පළාතේ එවක සිදු වු ආර්ථික හා සංස්කාතික විපර්යාසයද මැනවින් පිළිබිඹු කරන්නෙකි. මෙම නවකතාවෙහි දක්නට ඇති අනෙක් විශේෂත්වය වන්නේ ජීවිතයෙන් ලද අත්දැකීම් මෙන්ම රාජකාරිමය වශයෙන් තමා ලැබූ අත්දැකීම් ද පාදක කොටගෙන යුගයක කතාවක් කියන්නට කතුවරයා තුළ තිබූ කුසලතාවයයි.
මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු
#KaluArachilageKathawa #AMKarunarathne #SinhalaPoth
Reviews
There are no reviews yet.