, ,

කහ උණ 1793

රු500.00

  • Author: එන්.පී. විජේරත්න
  • Fever 1793 (by Laurie Halse Anderson) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Ashirwada Publishers
  • First Edition 2021
  • ISBN 978-624-5519-17-0
  • 270 Pages

Availability: 2 in stock

Author: එන්.පී. විජේරත්න

Fever 1793 (by Laurie Halse Anderson) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Ashirwada Publishers

First Edition 2021

ISBN 978-624-5519-17-0

270 Pages

 

පිලඩෙල්ෆියා නගරයේ වීදි ඔස්සේ 1793 දී කහ උණ වසංගතයක් පැතිර ගිය අතර ලෝරි හැල්ස් ඇන්ඩර්සන් ගේ නවකතාවේ, ‘ කතා බීජය ද වසංගතය තරමට වියරුවකින් පාඨක හදවත් තුලට කාවදින එකකි.’ යයි ද නිව්යෝක් ටයිම්ස් බුක් රිවීව්’ සඟරාවේ විමර්ශනයක සඳහන් කර ඇත.

1793 ග්‍රීෂ්ම සෘතුවේ මැටී කුක් නමැති 15 හැවිරිදි දැරිය ජීවත්වූයේ ඇගේ වැන්දඹු මව සහ සීයා සමඟ ඔවුන්ගේ පවුලට අයත් කෝපිහලක ය. මැටී තම කාලය ගතකළේ ගෙදර දොරේ වැඩපලවලින් වැළකී ඔවුන්ගේ කෝපිහල පිලඩෙල්ෆියා නගරයේ ඇති ඉහළම ආපන ශාලාවක් බවට පත් කර ගැනීමේ සැලසුම් සකස් කරමිනි. කහ උණ වසංගතය කඩා වැදුනේ ඒ අවධියේය.

වසංගතය සෑම වීදියක් පුරාම පැතිරී ගියේ එයට යොමු වෙන හැම දෙයක්ම විනාශ කරමිනි. එයින් මැටීගේ ලෝකය ද උඩු යටිකුරු විය. උණෙන් පෙළෙන මවගේ බලකිරීම් මත මැටී සිය සීයා ද සමඟ නගරයෙන් පලා ගියාය. එහෙත් එය හැම තැනකම ව්‍යාප්තවී ඇති බව ඔවුන්ට දැන ගැනීමට වැඩි වේලාවක් ගියේ නැත. එය ‘දොර දොර මිනී බෙර ගෙයි ගෙයි හඬය බියකර’ වැනි තත්ත්වයකි. එය වත්මන් කොවිඩ් වසංගත තත්ත්වයට ද සමාන එකකි. රෝග හා මරණ බියෙන් පීඩිත නගරයක ජීවත් වෙන්නේ කෙසේදැයි මැටී ඉක්මනින්ම ඉගෙන ගත යුතු වීය. එහිදී ඇය මුහුණ දුන් ත්‍රාසජනක මෙන්ම ශෝකජනක අත්දැකීම් රාශියයි මේ….

 

#KahaUna1793 #NPVijerathna #SinhalaPoth #ParivarthanaPoth #OnlineBooks

Weight 0.330 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කහ උණ 1793”

Your email address will not be published. Required fields are marked *