Author : නාලන්දේ විමලවංශ හිමි
Publisher: Samanthi Publishers
First Edition 2016
ISBN 978-955-084-152-3
72 Pages
ජනශ්රැති වනාහී රටක ජනතාවගේ ඓතිහාසික තොරතුරු එමෙන්ම සංස්කෘතිය පිළිබඳ හදාරන කොයි කාටත් වැදගත් මූලාශ්‍රයකි. අතීත සමාජයේ ජනශ්රැති දන්නා බොහෝ දෙනෙක් සිටියත් අද වන විට ඒවා දන්නා උදවිය බෙහෙවින් ම අඩු බව පෙනේ. ඇතැම් පාසල් සිසුන් මෙන් ම විශ්වවිද්‍යාල සිසුන්ද ජනශ්රැති පිළිබඳ තොරතුරු එක් රැස් කරන අවස්ථාවන් ඇත. එසේ ම එවැනි කතාන්දර කියැවීමට මෙන් ම ඇසීමට ද ලැදියාවක් දක්වන බොහෝ දෙනෙක් සිටිති. ඒ කොයි කාටත් එක සේ ප්‍රයෝජනවත් වන කෘතියක් වශයෙන් නාලන්දේ විමලවංශ හිමියන් විසින් ලියන ලද “උඩරට ජනශ්රැති” ග්‍රන්ථය හඳුන්වා දිය හැක.
ඉතිහාසය හදාරන අයට ද මෙම කෘතියෙහි අඩංගු ඓතිහාසික තොරතුරු අතිශයින් ප්‍රයෝජනවත් වන බව පෙනේ.
#UdarataJanashrathi #NalandeVimalavanshaHimi #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.