,

ඉලෙක්ට්‍රෝනික විද්‍යා ප්‍රවේශය

රු750.00

  • Author – තිලක් වීරසිංහ
  • Publisher – Godage Publishers
  • Second Batch 2018
  • ISBN 978-955-30-5492-0
  • 176 Pages

Availability: 3 in stock

Author – තිලක් වීරසිංහ

Publisher – Godage Publishers

Second Batch 2018

ISBN 978-955-30-5492-0

176 Pages

 

මේ ඉලෙක්ට්‍රෝනයේ කතාවයි. අවශ්‍යයෙන් ම ඉලෙක්ට්‍රෝන පදිංචි  පරමාණුවලය. කෙසේ හෝ පරමාණු තුළ අවකාශය බෙහෙවින් හිසි ය. නමුත් ඉලෙක්ට්‍රෝනවල පැවැත්ම සංකීර්ණය, එමෙන්ම අවිනිශ්චිතය.

කලාප වාදය  (Band Theory) යොදා ගන්නේ ඉලෙක්ට්‍රෝනවල පරස්පරතා පැහැදිලි කිරීම පහසු කිරීමටය. පරමාණු තුළ සිදුවන ඉලෙක්ට්‍රෝන ගනුදෙනුවලට බෙහෙවින් සහභාගී වන්නේ සංයුජතා කලාපයත් ඊට පටතින් ඇති සන්නයන කලාපයක් නිසා, කලාප අතර විචික්ත ස්වභාවය අවධාරණය කරන්නට සිදුවිය.

ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ භාවිතාව හා සමාජයීය ඵලදායිතාව කෙරෙහි සිසු අවධානය යොමු කිරීමේ අටියෙන්, පරමාණුවේ සුලමුල හා බැදුණු ඓතිහාසික , සමාජ පසුබිම් හා පුද්ගල දායකත්ව ඔස්සේ ඉලෙක්ට්‍රෝනයේ කතාව දිගේලි කරන්නට සිදුවීය. අතිශය වේගයෙන් අනාගතයට විහිදෙන  ඉලෙක්ට්‍රෝනික විද්‍යාව වැනි විෂයක් හදාරන කෙනෙකුට, අනාගත අභියෝගවලට මුහුණ දීමට අවශ්‍ය පන්නරය වැටෙන්නේ, එහි ඉතිහාසය අවුස්සා බැලූ තරමටය.

ඉලෙක්ට්‍රෝනික විද්‍යාවට ප්‍රවේශ වන කෙනෙක් මුලදීම ආගණනයට (Computation) නැඹුරු වුවොත් , සංකල්ප පිළිබඳ හැඟීම් දනවන අවබෝධය ඔහුට මගහැරෙයි. මේ පොත ගණිතමය භාෂාව අඩංගු ආගණනයට වඩා අවබෝධයට නැඹුරු කළේ ඒ නිසා ය.

භෞතික විද්‍යාවේ නිතර දකින්නට ලැබෙන සමීකරණ, වට්ටෝරු හැටියට මතක තබා ගන්නවාට වඩා, සිතන්නට පොලඹවන ඒවා ලෙස යොදා ගැනීම සුදුසුය.

 

#ElectronikaVidyaPraveshaya #ThilakVeerasinghe #SinhalaPoth #OnlineBooks

Weight 0.347 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ඉලෙක්ට්‍රෝනික විද්‍යා ප්‍රවේශය”

Your email address will not be published. Required fields are marked *