Author: දර්ශනා ශම්මි විජේතිලක
Publisher: සුසර ප්රකාශකයෝ
Fourth Batch 2019
ISBN 978-955-33-0785-9
399 pages
Note: ස්වර්ණ පුස්තක සම්මානය 2018 අවසන් වටය සඳහා නිර්දේශ වූ කෘතියකි.
ආලත්ති අම්මා නිසොල්මනේ ඔළුව පහත් කරගෙන හිටිය. පාං එළියට පිටුපාලා නිසා හෙවනැල්ල වැටිල බිත්තියට.
ආලත්ති අම්මගෙ නිකටෙන් අල්ලල බිත්තිය පැත්තට හැරෙව්වම තමයි දැක්කෙ හෙවණැලි දෙක නියපොත්තෙන්
බිත්තියෙ ඇඳලා. දඟකාරකමක් කළ පොඩි එකෙක් වගේ බලාගෙන ඉන්නව. තමාගේ හිතේ ඇති පාර පාරා තියෙන
දුක බය ගැන වගක්වත් නැහැ.ආලත්ති අම්ම හිතුවා කෙළින්ම කතා කරන්න ඕනය කියලා.
“මහත්තය… අපි දෙන්නාම එකතු වෙලා වැරැද්දක් කළා. මම කසාද බැඳලා දීගෙ ඇරුණ ගෑනියෙක් නිසා ඒ වැරැද්ද
මට මහත්තයා පිටින් දමන්න බැහැ. දැන් මට මහත්තය එළවන්නත් බැහැ. තියා ගන්නත් බැහැ. ඒත් මට මහත්තයව
මේ ගෙදර වහං කරගෙන ඉන්න බැහැ.අපි ආයේ කවදාවත් මේ වැරැද්ද නොවන විදියට වැඩ කටයුතු කරමු.
මහත්තය කැමති දෙයක් කරන්න…”
#AsanagaWesi #DarshanaShammiWijethilaka #SinhalaPoth #SinhalaNawaKatha #නවකතා
Reviews
There are no reviews yet.