, ,

අවසාන නින්දගම

රු1,250.00

  • Author: ප්‍රේමකීර්ති රණතුංග
  • Publisher: Dayavansha Jayakodi & Company
  • Second Batch 2018
  • ISBN 978-955-686-384-0
  •  320 Page

Availability: 1 in stock

Author: ප්‍රේමකීර්ති රණතුංග

Publisher: Dayavansha Jayakodi & Company

Second Batch 2018

ISBN 978-955-686-384-0

320 Page

 

” ඇයි අම්මේ අපට උඩට අඳින්න වස්ත්‍රයක් නැත්තේ…? අපේ අපුච්චටටයි අම්මටයි අපට වස්ත්‍රයක් අරන් දෙන්න කාසි නැද්ද…? ”

හැඟීම්ක් දැනීමක් ඇති වෙන්න පටන් ගත් දා පටන් සොඳී ලැයිසාගෙන් විමසුවාය. ඇයට එයට ලැබුණේ අපූරු පිළිතුරකි.

” අපිට කොහෙද බං උඩට ඇඳුම්. උඩ හරිය වැහෙන ඇඳුමක් මං ජීවිතේට ඇඳලා නෑ.. වලව්වේ හාංදුරුවොයි ගොවිගම එතන හාමිලයි කිරිගොටු වාගෙ එල්ලගෙන යන්නෙ.. මාත් ආසයි එහෙම අඳින්ට.. ඒත් අපිට අවසර නෑ කෙල්ලේ..”

” කාගෙන්ද අම්මේ..? ”

” කාගෙන්ද ඉතින් බණ්ඩර හාංදුරුවන්ගෙනුයි.. වලව්වෙ හාංදුරුවන්ගෙනුයි මිස. උඹල මේව දන්නෙ නෑ පුතේ.. අපි ඉපදිල තියෙන්නෙ බණ්ඩර වලව්වෙ දික්ගෙයි නැටුම් නටන්න.. අපිට කීවෙ නැට්ටුක්කාරයො කියලා.. වලව්වෙ හාංදුරුවො ඉස්සරහ අපි නටන්න ඕනැ.. උන්නාන්සෙට ඇති වෙනකම් අපි නටන්න ඕනැ.. ”

” ඉතින් අම්මේ අපි ගෑනුනෙ..අනිත් ගෑනු උඩ හරිය වහගෙන යද්දි මොකද අපි ඇරගෙන යන්නේ..? ”

” එක ඉතිං අපේ කරුමේ.. අපේ පවුල්වල උන්ට උඩට අඳින්න තහනං කෙල්ලෙ..”

 

#AwasanaNindagama #SamaraweeraWijayasinghe #SinhalaNawakatha #SinhalaPoth #නවකතා

WhatsApp us