, , ,

අපේ ළමා ලෝකය

රු490.00

  • Author: බීටා රාජපක්ෂ
  • Publisher : Sakila Publisher
  • Second batch 2018
  • ISBN : 978-955-665-250-5
  • 103 Pages

Availability: 1 in stock

Author: බීටා රාජපක්ෂ

Publisher : Sakila Publisher

Second batch 2018

ISBN : 978-955-665-250-5

103 Pages

 

” …… අප නිවස ඉදිරිපිට ජලයෙන් පිරී ගිය වෙලේ යායේ අප සෙල්ලම් පාරුවක් දියත් කළේ එවැනි වැසි දිනකය. අයියාත්, නංගිලාත්, මල්ලීත්, මාත් එකතු වී කෙසෙල් පාරුවක් සාදා ගත්තෙමු.

පාරුව උඩ රබර් කිරි මුදවන ඇලුමීනියම් තැටියක් තබා, එය උඩ ගල් පෙළ ගස්වා, දර දමා, කුඩා ළිපක් සෑදුවෙමු, ඉන්පසුව, වතුර කේතලයක් එම ළිප මත තබා ළිප ගිනි මොලවා, වතුර උණුවනතුරු අප බලා සිටියේ නොඉවසිල්ලෙනි. කේතලයේ වතුර උණු වන විට පාරුව වේගයෙන් ගමන් කරන අන්දම අපි වෙල අද්දර ගොඩබිමට වී ආශාවෙන් බලා සිටියෙමු.

මේ සියල්ල අපේ ම නුවණින් කළ නිසා අපගේ වැඩිහිටියන්ට ද එය අලුත් අත්දැකීමක් විය. ඔවුන් අපේ ක්‍රියාකාරකම් බලා සතුටුවූවා මිස, ” වැස්සේ තෙමී ලෙඩ වන්නට එපා ” කියමින් අපේ ක්‍රීඩා වැලැක්වීමට උත්සාහ නොකළහ……”

 

#ApeLamaLokaya #BeetaRajapakshe #SinhalaPoth #OnlineBooks

WhatsApp us