අනගාරික ධර්මපාල දැනගත යුතු කරුණු

රු480.00

  • Publisher – Visidunu Publishers
  • Fourth Batch 2020
  • ISBN 955-9170-72-4
  • 223 Pages

Availability: 4 in stock

Publisher – Visidunu Publishers

Fourth Batch 2020

ISBN 955-9170-72-4

223 Pages

 

යුරෝපීය කාමභෝගීන් ගේ චාරිත්‍ර පුරුදු කිරීම මධ්‍යම ප්‍රතිපදා ධර්මයට විරෝධ යි. අප ලංකාව ඉංග්‍රීසි රජතුමාට භාර කෙළේ මහජන සම්මතයෙනි. සිංහල රජ ව සිටි දෙමළ කුමාරයා ඉංග්‍රීසින්ට පාවාදුන්නේ ඒ කුමාරයා දස රාජ ධර්මයට විරුද්ධ ව ක්‍රියා කළ බැවිනි. දැනට සිංහලයන් විසින් කට යුතු ව තිබෙන්නේ දස රාජ ධර්මයෙහි පිහිටා ක්‍රියා කිරීම යි. එ විට රාජ්‍ය ධර්මය මත ඇති වන සිංහල පරම්පරාවට ලැබෙනවා ඇත.

ශ්‍රී බුද්ධ වර්ෂ 2455 බිනර අවතෙළෙස්වක / 1911 සැප්තැම්බර් 20

විසිහතර ලක්ෂයක් බෞද්ධයන් වෙනුවෙන් මන්ත්‍රියකු නැතිකමින් ඉංග්‍රීසි නිලධරයන්ට අපේ ඕනෑකම් කියාදෙන්ට ලැබෙන්නේ නැත. .. මේ ගැන බෞද්ධ ජනයා ද ත්‍රෙනිකායික භික්ෂූන් වහන්සේලා ද එකතු වී ක්‍රියා කට යුතු යි. ලංකාව බෞද්ධයන්ට අයිති රටකි. විසිහතර ලක්ෂයක් බෞද්ධ ජනතාව එකතු වී බදු මුදල නොදුනොත් ඉංග්‍රීසි මන්ත්‍රීන්ට අමාරු වේවී.

ශ්‍රී බුද්ධ වර්ෂ 2455 දුරුතු අවනවවක / 1912 ජනවාරි 13

අඥාන සිංහලයනි! පරද්දේශික සුද්දා දෙන මත්පැන් බොන්ට එපා. ගෙරි මස් කන මිලේච්ජ ජාතිකයන් ගේ චාරිත්‍ර ගන්ට එපා. වහවහා ම පිටරටවලට පැමිණ ශිල්ප ශාස්ත්‍ර කර්මාන්ත ඉගෙනගත යුතු යි. අප ජාතියේ අභිවෘද්ධියට කියා ක්‍රියා කරන සුද්දා අප නැති කරන්ට ඇවිත් සිටින අසුරයෙකි. අපට රෙදි කෑල්ලක් වියාගන්ට ඒ ශිල්පය උගන්වන්නේ නැත. මේ රටට ගෙනෙන පිටරට භාණ්ඩ මේ රටේ හදාගැනීමට පුළුවන්කම තිබෙ යි. එ සේ තිබිය දී අපේ ධනය පිටරටට යවන්ට කටයුතු කරන්නේ මන්ද?

ශ්‍රී බුද්ධ වර්ෂ 2455 මැදින් පුරසැටවක / 1912 පෙබරවාරි 24

සිංහලයන් එකතු වී ස්වකීය දරුවන්ට ශිල්ප ශාස්ත්‍ර ඉගැන්විය යුතු යි. මේ සඳහා විශාල අරමුදලක් සම්පාදනය කට යුතු යි. දඹදිව, ජපානය, ඇමෙරිකාව, ප්‍රංසය, ජර්මනිය ආදී රටවලට තරුණ සිංහලයන් යවා මේ ශිල්ප ශාස්ත්‍ර උගන්වා ලංකාවට ගෙන්නා ගැනීම යුතු යි. ගමක් පාසා බෞද්ධ පන්සල්වල  පුස්තකාල, ස්වදේශ කර්මාන්තශාලා පිහිටුවිය යුතු යි. මේ තැන් පටන් දසවර්ෂයක් ශිල්ප කර්මාන්තාදිය ඉගෙනගත්තොත් සිංහලයන් මත දියුණුව වන්නේ ය. බෞද්ධ පාඨශාලාවල ඉගෙනගන්නා ශිෂ්‍යයන් ගේ ශරිර සැප ගැන සොයා බැලීම වටී.

ශ්‍රී බුද්ධ වර්ෂ 2455 බක් පුරවිසේනිය / 1912 පෙබරවාරි 24

සුද්දා සියලු දේ කරන්නේ ශාස්ත්‍ර ඥානයෙන් ය. මේ ඥානය ලබාගැනීමට කාටත් පුළුවන්කම තිබේ. කාම සැප ගැන සිංහලයෝ බොහෝ ධන වියදම් කරති. පංචකාම සැප උදෙසා වියදම් කරන ධනය ප්‍රඥාව වැඩි කරගැනීමට වියදම් කට යුතු යි. මා මේ සියලු විර්ය කරන්නේ සිංහල ජාතියට ද බුද්ධ ධර්මයට ද ඇති බලවත් කරුණාව නිසයි. සිංහලයනි, සමඟියෙන් ක්‍රියා කොට ප්‍රඥා භූමියට පැමිණීමට උත්සාහ කරවු .

ශ්‍රී බුද්ධ වර්ෂ 2455 වෙසක් පුර තියවක / 1912 අප්‍රේල් 20

 

#AnagarikaDharmapala #SinhalaPoth #OnlineBooks

Weight 0.276 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අනගාරික ධර්මපාල දැනගත යුතු කරුණු”

Your email address will not be published. Required fields are marked *