Author : පියසිරි මාතරගේ
Publisher : Sarasavi Publisher
First Edition 2006
ISBN 978-955-31-1292-7
280 Pages
මෙම ග්‍රන්ථයට වස්තු විෂය වී ඇත්තේ බ්‍රිතාන්‍ය රජ පවුලේ කුමාරවරුන්ගේ සංචාර තුනක් හා රුසියාවේ ඔටුන්න හිමි කුමාරයෙකුගේ සංචාරයකි. එහෙත් මෙය ඒ සංචාරයන්ගේ තොරතුරු පමණක් ගෙන හැර පෑමට සීමා වී නැත. ඉතා දුර්ලභ ඵෙතිහාසික කරුණු පවා මෙහි ඇතුළත්ය. 1917 රුසියන් විප්ලවයෙන් පසුව ඝාතනය වූ සාර් රජු වූ 2 වැනි නිකුලස් රජු 1891 දී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම වැනි බොහෝ දෙනා නොදන්නා කරුණු මෙහි ඇතුළත්වීම උදාහරණයකි.
1870 – 1891 කාලයේ සිංහල පුවත්පත්හි පළ වූ වාර්තා, ලිපි හා කතුවැකි ආදියෙන් අවශ්‍ය කොටස් මනා ලෙස තෝරා ගොනු කරන කතුවරයා, කතාන්තරයක් කියන්නා සේ තම කෘතිය ඉදිරිපත් කරයි.
මේ පැරණි පුවත්පත්වල භාෂා ශෛලිය නිසා උපදින හාස්‍යය මෙන්ම, උපහාසය, කෝපය, කුතුහලය වැනි විවිධ හැඟීම් ද අඩංගු නිසා ආස්වාදයක් ද ලබමින් මෙය කියැවිය හැකිය. පරම්පරා තුනකට පෙර සිටි මුතුන් මිත්තන් විසූ සමාජය වෙත පාඨකයා කැඳවාගෙන යෑමට මේ කෘතිය සමත් වී ඇත.
ඉතිහාසය හා ජන සන්නිවේදනය හදාරන සිසුන්ට ද, පර්යේෂකයන්ට ද ඉතා ප්‍රයෝජනවත් මෙම කාතිය සාමාන්‍ය පාඨකයන්ට ද ආශාවෙන් කියැවිය හැකි වනු ඇත.
ඒ.එස්. බාලසූරිය
#AdirajyaKumarawarungeLankawaNamWuKelibima #PiyasiriMatharage #Sinhalapoth
Reviews
There are no reviews yet.