Sale!
,

ළමා පොත් එකතුව – 2

රු1,929.00

  • නිධාන කැලේ අභිරහස + අලිපෑලැස්ස + සෝමපුර වීරයෝ + කපාල දූවේ වානර රජු + සොලමන් රජුගේ දියමන්ති ආකර
  • සාමාන්‍ය මිල – රු.2030 /=
  • අපේ මිල – රු. 1929/=

Out of stock

නිධාන කැලේ අභිරහස + අලිපෑලැස්ස + සෝමපුර වීරයෝ + කපාල දූවේ වානර රජු + සොලමන් රජුගේ දියමන්ති ආකර

සාමාන්‍ය මිල – රු.2030 /=

අපේ මිල – රු. 1929 /=

 

නිධාන කැලේ අභිරහස

Author: දිනේෂ් ගුණතිලක සමරවික්‍රම

Publisher: Dayawansa Jayakody & Company

ISBN 978-955-551-607-5

230 pages

Note: 2009 රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනූ යොවුන් නවකතාව

අධ්‍යාපන අමාත්‍යංශයෙන් පාසල් පුස්තකාල සදහා නිර්දේශිත ග්‍රන්තයකි.

මීට ශත වර්ෂයකට පමණ ඉහත පිටිසර ගම්මානයක් පසුබිම් කර ගෙන ඇති මෙම කතා වස්තුවේ, ළමුන් හතර දෙනෙකුගේ වීරක්‍රියාවක් වර්ණනා කෙරේ. ගමට ම මහත් තර්ජනයක් වූ, ගමම භීතියෙන් වෙළා ගත් අභිරහසක්, මෙම කුඩා ළමුන් හතර දෙනාගේ දක්ෂකම හා වීරකම නිසා සොයා ගෙන, වැරදිකරුවන් නීතියේ රැහැනට හසු කර ගන්නා අයුරු මෙහි විදහා දැක් වේ. මෙහි ප්‍රධාන චරිතය හොබවන පුංචි මහත්තයා, ගමේ ප්‍රභූ පෙළපතකින් පැවතෙන ඉතාමත් ඥාන සම්පන්න නිහතමානී අයෙකි. කරුණු වහා අවබෝධ කර ගැනීමේ ඔහු තුළ වූ සියුම් නුවණින්, නිවැරදි නිගමනවලට එලඹෙමින්, මෙම අභිරහස සොයා ගැනීමෙහි ලා ඔහු තම මිතුරන්ට නායකත්වය දෙන අයුරු ඉතාමත් කදිමය. මෙම කතා වස්තුවට පසුබිම් වූ ගම් ප්‍රෙද්ශයේ ඇති ඇළ, දොළ, ගංඟා, වගුරු බිම් ආදියේ සුන්දරත්වය  ද , ගොවිතැන හා බැඳුන ගැමියන්ගේ ජීවන රටාව හා ඔවුන්ගේ සිතුම් පැතුම්, කතා බහ, ඇදහීම් විශ්වාස ආදිය කෙරෙහි ද යම් තරමට එබී බැලීමට කර්තෘ වෑයම් කර ඇත. රහස් පරීක්ෂක කෘතියක ලක්ෂණ ඉස්මතු වන මෙම නවකතාවේ, අධිකරණ වෛද්‍ය විද්‍යාවේ එන විෂයය කරුණු හා න්‍යායන් ද ඇතැම් තැන්හි යොදා ඇත. ඒවා ගැමියන්ගේ මති මතාන්තර, සිතුම් පැතුම්, ඇදහීම් විශ්වාස, තුළින් පිටිසරබද කතාවට උචිත අයුරින් යෙදීමට කතුවර වෛද්‍ය දිනේෂ් ගුණතිලක සමරවික්‍රම සමත් වී ඇත.

#NidanaKeleAbirahasa #DineshGunathilakaSamarawickrama #ForKids #ReadingForKids #SinhalReadingForKids

 

අලිපෑලැස්ස

Author: දිනේෂ් ගුණතිලක සමරවික්‍රම

Publisher: Dayawansa Jayakody & Company

Second Edition 2016

ISBN 978-955-551-996-0

191 pages

Note: 2013 රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනූ යොවුන් නවකතාව

“අපි ඉස්සර බැද්දේ ජීවත් වුණේ දෙවිවරු වගෙයි. මට මතකයි මත්තලී අලි රැහේ ඇත්තො රංචු ගැහිලා පෙරහැරේ යන කොට තියෙන තේජස!

අම්මා ඉස්සරහින් යනවා. ඊළඟට සෙල්ලි පුංචි.

ඊට පස්සේ පුංචි එවුන් ළං කර ගෙන මහ එවුන් යන අපූරුව! වැස්ස වැටුණහම බැද්දේ වැව්, පොකුණු, දිය කඩිති පිරිලා. නිලට බැබළෙන ගහ කොළ…..

ග්ර්…ර්…ර්…

ඒවායේ රස බල බලා, දිය කඩිතිවලින් වතුර බීලා, වැව්වලින් නාලා එහෙම කාරිය, නෑදෑයෝ සේරම එකට යන කොට මොන තරම් සතුටක් ද නංගියේ?

ආයිත් එහෙම යුගයක් ගැන අපට හිතන්න වත් බැරි වෙයි.

එදා අපි හක්කොලං කරපු බැද්ද සේරම දැන් මිනිස්සු අල්ලං කොටු කෙරගෙන. කැලේ කපලා, වැටවල් ගහලා, උන් තනියම බිම අල්ල ගත්තහම අනික් සත්තු යන්නේ කොහෙ ද? ජීවත් වෙන්නෙ කොහොම ද? කන්නේ මොනව ද? උන් හිතන්නෙ නැහැ මේ මහ පොළොවේ අපි කවුරුත් ජීවත් වෙන්න ඕනෑ කියලා.“

#Alipelessa #DineshGunathilakaSamarawickrama #ForKids #ReadingForKids #SinhalReadingForKids

 

සෝමපුර වීරයෝ

Author: කුලසේන ෆොන්සේකා

Publisher:  Suba Publishers

Sixteenth Batch 2019

ISBN 978-955-95200-7-8

151 Pages

සෝමවතී චෛත්‍ය හා අවට නටබුන් නැරඹනු පිණිස  පොලොන්නරුවට යන මිතුරන්  තිදෙනෙකුට

පුරාවිද්‍යා ගවේශනයක් සඳහා මහවැලි ගඟෙන් නැගෙනහිර දෙසට ගිය ගුරුවරයෙකු  ගේ අතුරුදහන්

වීමක් ගැන සැලවෙයි. ගුරුවරයා සෙවීමේ කුහුලින් මැඩෙන මිතුරෝ තිදෙන මහ වන මැද නටබුන්

පුරවරයකදී අවිගත් පුරාවස්තු සොරුන් කල්ලියකට අභියෝග  කරමින් ත්‍රාසජනක අත්දැකීම් වලට

මුහුණ දෙති.

 

තවත්  සෝමාවතියක් පිළිබඳ විශ්වාසය සත්‍යයක්ද? සින්බෑඩ් නැවියා සඳහන් කරන ඇත් සොහොන

පිහිටියේ ඓතිහාසික සෝමපුරය අවටද? සත්‍ය සිද්ධීන් හා පුරාණෝක්ති  ඇසුරු කොටගත්  මෙම

නවකතාව පරිසර ගවේශණයක් වැන්න.

 

#SomapuraWeerayo #KulasenaFonseka #යොවුන්නවකතා #නවකතා #SinhalaBooks #LamaKatha

 

කපාල දූවේ වානර රජු

Author: ප්‍රභාත් මිරිහාගල්ල

King Kong (by Edgar Wallace & Merian C. Cooper) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Dayawansa Jayakodi & Company

ISBN 978-955-686-362-8

First Edition 2017

223 pages

චිත්‍රපටයක් ලෙස ලොව පුරා රසිකයන්ගේ ජනාදරයට පත් ‘කිං කොං’ ලෝක සිනමා ඉතිහාසයේ සන්ධිස්ථානයක් ලෙස ද සැලකෙයි. ලෝකයේ එතෙක් මෙතෙක් නිෂ්පාදිත විශිෂ්ටතම භීෂණාත්මක චිත්‍රපටය වශයෙන් ද එය සම්භාවනාවට පාත්‍රවී ඇත. මේරියන් සී. කූපර් නමැති සිනමාකරුවාගේ අදහසක් අනුව ප්‍රකට ලේඛක එඩ්ගර් වොලස් අතින් ලියැවුණු කතාන්තරයක් ඊට පාදක වී තිබේ. 1932 දී මුල් වරට පොතක් වශයෙන් ප්‍රකාශයට පත් එම ප්‍රබන්ධයේ පූර්ණ සිංහල පරිවර්තනය ‘කපලා දූවේ වානර රජු’ යන නමින් සිංහල පාඨකයන් හට මෙසේ පිරිනැමෙයි.

#KapalaDuweWanaraRaju # කිංකොං # EdgarWallace # MerianC.Cooper # එඩ්ගර් වොලස් # මේරියන් සී. කූපර්

 

සොලමන් රජුගේ දියමන්ති ආකර

Author: චන්ද්‍ර අනගිරත්න

King Solomon’s Mines(by H. Rider Haggard) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Dayawansa Jayakodi & Company

ISBN 978-955-551-721-8

Fourth Edition 2017

318 pages

සර් හෙන්රි රයිඩ්ර් හැගාර්ඩ් (1856-1925) විසින් ලියන ලද හතළිහක් පමණ වූ පොත් අතුරින් ඉතාමත් ජනප්‍රියත්වයට පත් වූයේ ඔහුගේ තුන්වන පොත වන King Solomon’s Mines නමැති මෙම කෘතියයි. සොලමන් රජුගේ දියමන්ති ආකර හා නිදන් සොයා දකුණු අප්‍රිකාවේ සිට ගිනි ගෙන දැවෙන මහා කාන්තාරය හරහා ද හිමෙන් වැසී ගත් සොලමන් මහා කඳු වැටිය හරහා ද අති දුෂ්කර හා බිහිසුණු ගමනක යෙදෙන යුරෝපීයයන් තිදෙනකු මුහුණ දෙන ත්‍රාසයෙන් පිරි විවිධ අත්දැකීම් අති චමත්කාර ජනක අන්දමට මෙහි වර්ණවත් කෙරී ඇත. අවුරුදු ගණනාවක් දකුණු අප්‍රිකාවේ රාජකාරියේ යෙදී සිටි රයිඩ්ර් හැගාර්ඩ් එරට අභ්‍යන්තරයේ ගෝත්‍රිකයන්ගේ ජීවන රටාව හා සංස්කෘතිය මනාව විදහා දැක්වීමක් ද මේ පොත තුළින් ඉටු කරයි. මේ එම කෘතියේ සම්පූර්ණ හා අසංක්ෂිප්ත පරිවර්තනය යි.

#SolomonRajugeDiyamanthiAkara #ChandraAnagirathna

Weight 1.290 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ළමා පොත් එකතුව – 2”

Your email address will not be published. Required fields are marked *