Sale!
, , , , ,

සොදුරු සිරිලක 3

රු960.00

  • මගේ රාජ්‍යය +අපේ රාජ්‍යය + පිටිසර මිනිස්සු +ලක්දිව පුරාණ ඇඳුම් ආයිත්තම්  
  • සාමාන්‍ය මිල – රු.1010 /=
  • අපේ මිල – රු. 960 /=

Out of stock

මගේ රාජ්‍යය +අපේ රාජ්‍යය + පිටිසර මිනිස්සු +ලක්දිව පුරාණ ඇඳුම් ආයිත්තම්  

සාමාන්‍ය මිල – රු.1010 /=

අපේ මිල – රු. 960 /=

 

මගේ රාජ්‍යය

 

Author මායාරංජන්  

Publisher: Sooriya Publisher

Third Batch 2015

ISBN 978-955-656-337-5

198 Pages

දිගාමඩුල්ලේ ආශ්චර්යයෙන් වශී වූ පාඨක සමාජය එයින් තවත් ඈතට වනපෙත දිගේ රැගෙන යාමට ‘අපේ රාජ්‍යය’ කෘතියෙන් මායාරංජන්  නම් පුරෝගාමී වනවිත්තිකරුවා සමත්වූයේ ය. එහි තවත් පියවරක් ඉදිරියට තබමින් ‘ මගේ රාජ්‍යය ’ වෙත ද හෙතමේ පාඨක පිරිස කැඳවාගනු ලබන්නේ වනපෙත යනු ; වසර මිලියන ගණනක සිට පවතින සොබාදම් උරුමයක් බව පෙන්වා දෙමිනි.

දිගාමඩුලු වනපෙත ඇසුරේ ඔහුට ඇසගැසුණු බොහෝ දෑ සමන්විත වූයේ, මානව හිතවාදී පාරිසරික නිරීක්ෂණයන්ගෙනි. නිගමනයන්ගෙනි. කොටින්ම වනපෙත යනු, ජීවිතය බව වටහාගැනීමෙනි. එයින් පාඨක සිත උපන් කුහුල නොසන්සිඳිනි.  මායාරංජන් වනපෙතට බැඳි ප්‍රේමය ද වඩ වඩා තීව්‍ර වූයේ ය. මේ නිසා හෙතමේ පාඨක සමාජයට ‘ මගේ රාජ්‍යය ’ ද පිරිනමන ලදි. පිටු ප්‍රමාණයෙන් කුඩා කෘතියක් බව සැබෑවකි. එහෙත් එය මයිල ගසක නැතිනම් පලු හෝ වීර ගසක පත්‍ර මෙන් සියුම් වෙනස්කම් සහිත විසල් පුවත් කැටිකර ගත් අවස්ථාවකි.

 

                                                                                      –  ජනශ්‍රැතිවේදී මහින්ද කුමාර දළුපොත-

 

#MageRajyaya #Mayaranja #sinhalaPoth #SriLankaweIthihasaya #Janashruthi

අපේ රාජ්‍යය

Author මායාරංජන්  

Publisher : Soorya Publisher

Third Batch2015

ISBN 978-955-656-3382

112 Pages

සිතන්නට හැකි අප සෑම දෙනාටම රාජ්‍යයක් තිබේ. ඒ, අපේ රාජ්‍යයයි. සැබැවින්ම අපේ රාජ්‍යය වූ කලී අපට ම හිමි ස්වාධීන සිහිනයකි. 

මායාරංජන් ලේඛකයා ද මේ සිහිනය අප මෙන් දුටුවෙකි. එහෙත් ඔහුගේ රාජ්‍යයේ දිග පළල මතුනොව හිමිකම පාඨක ලෝකයට නිර්ලෝභිව දායාද කළේ ය. ඒ, ‘ අපේ රාජ්‍යය ’ කෘතිය මඟිනි. ගහකොළ සතා සිව්පාවා මෙන්ම දියකඳුරු යනු, අපගේ ලේ නහර මෙන් බැඳුණු ජීවයකි. නූතනයේ අපි බුරුතු පිටින් නාගරික හෝ අර්ධනාගරිකව දිවිගෙවමු. එහෙත්, වසර මිලියන ගණනක සිට අප රැස් කළ වනපෙත ආශ්‍රිත දිවිතතු මතක පොසිල ලෙස රැඳී තිබෙන වග ද අපි  දනිමු. එහෙයින්  මායාරංජන් පාඨක අපට ‘ අපේ රාජ්‍යයට ’ අඬගසන විට කෙසේවත් මඟහැර යා නොහැකි ය. අප සියලු බැදීම් අත්හැර මතක පොසිල ඔස්සේ අතීත වනපෙතට ඇදීයන්නේ නිරායාසයෙනි. ‘ දිගාමඩුල්ලේ ආශ්චර්යයෙන් ’ කුල්මත් කළ සිතැතිව ඒ මතක මංපෙත් දිගේ වනපෙත පීරා එහි සැරිසැරීමට ද ගඩාගෙඩි කමින් සතුන් අතර නිදහස් – නිවහල් මිනිසකු ලෙස ගතකිරීමට ද මහත්සේ ආශා කරමු. මායාරංජන් වනපෙත ඔසුවක් කොට පාඨක සිතට කවන්නේ රෝගී සිත් නිරෝගී කරන අටියෙනි.

                                                                                                             – ජනශ්‍රැතිවේදී මහින්ද කුමාර දළුපොත –

#ApeRajyaya #Mayaranjan #SinhalaPoth #SriLankaweIthihasaya #Janashruthi

 

පිටිසර මිනිස්සු

Author මායාරංජන්

Publisher : Sooriya Publisher

Ninth Batch 2015

ISBN 978-955-656-347-4

64 Pages

 

පිටිසර මිනිස්සු කෘතිය සරල ලිහිල් වනවිත්ති කතාවක් ලෙස මතුපිටින් බලන කා හට වුවත් අවබෝධ වේ. එහෙත් එමගින් ජනිතවන මානවහිතවාදී දර්ශනය වැදගත් ය. එක් වකවානුවක දිගාමඩුල්ලු දනව්වේ පිටිසර බද මිනිසුන්ගේ ජීවන පුවත් එයින් නිරූපණය වේ. මායාරංජන් වූ කලී වන විත්ති ලේඛකයෙකු විනා මානව විද්‍යා හෝ ජනශ්‍රැති විද්‍යා ලේඛකයකු නොවේ.මෙම කෘතියේ තිබෙනප්‍රබල වටිනාකම ද එයයි. වනවිත්තිකරුගේ දැක්ම පළල් ය.සරල ය. මතුපිට පසුබිමට වඩා ගැඔුරු ජීවන අරුත් නඟයි. එමගින් දිගාමඩුළු දනව්වේ මිනිස් වර්ගයා වසර  දහස් ගණනක සිට රැගෙන ආ ජීවන සම්ප්‍රදායයන් පිළිබිඹු වේ. එයම පොදු පාඨකයාට ආශ්වාදනීය ලෙස පිටිසර මිනිස්සු ඇසුරු කිරීමට අවස්ථාවකි.එමෙන්ම, සමාජ පර්යේෂකයින්ට අවැසි මාහැඟි තොරතුරුද මෙයින් උකහා ගත හැකි ය. එම නිසා මායාරංජන් මානවවිද්‍යා ලේඛකයෙකු ලෙස පිටිසර මිනිස්සු කෘතියෙන් මුණගැසේ.

#PitisaraMinissu #Mayaranjan #SinhalaPoth #JanaShruthi

 

ලක්දිව පුරාණ ඇඳුම් ආයිත්තම්

 

Author : ගරීයස් සුරනිමල තෙන්නකෝන් මුදලිගේ 

Publisher : Sooriya Publishers

First Edition 2016

ISBN 978-955-656-387-0

128 Pages

ලක්දිව පෙර පැවති ඇඳුම් ආයිත්තම් සම්බන්ධව ගැඹුරින් අධ්‍යයනය කරන්නෙකුට බෙහෙවින් ම වැදගත් වන මූලාශ්‍රය ලක්දිව පුරාණ බිතු සිතුවම් ය. ඊට අමතරව පැරණි සංදේශ කාව්‍ය හා දෙස් විදෙස් ලේඛකයන් පෙර පැවැති ජන ජීවිතය ගැන ලියූ පොත් පත් හි එන තොරතුරු විස්තර ද වැදගත් වෙයි. එවැනි විවිධ මූලාශ්‍ර ඇසුරින් ප්‍රතිනිර්මිත චිත්‍ර සටහන් ඇතුළත් මෙම කෘතිය ලක්දිව පුරාණ ඇඳුම් ආයිත්තම් පිළිබඳව අධ්‍යයනයෙහි යෙදෙන විද්‍යාර්ථීන්ට මෙන්ම ඒ සඳහා උනන්දුවක් ඇති සාමාන්‍ය පාඨකයන්ට ද ප්‍රයෝජනවත් වනු නිසැක ය. පුරාණ ලංකාවේ භාවිත වූ වර්ණවත් කොඩි ඇතුළත් “ ලක්දිව පුරාණ කොඩි ” ග්‍රන්ථය ද, එහි ඉංග්‍රීසි පරිවර්තනය වූ ANCIENT FLAGS OF CEYLON කෘතිය ද “ ලක්දිව බිතුසිතුවම් ”  ග්‍රන්ථය ද මේ කතුවරයා විසින් පළකරන ලද ග්‍රන්ථ වෙයි.

#LakdiwaPuranaAdumAiththam #GareeyasSuranimalaThennakoonMudalige #sinhalaPoth #SriLankaweIthihasaya

Weight 0.634 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සොදුරු සිරිලක 3”

Your email address will not be published. Required fields are marked *