, , ,

සුවඳ පත නල වීර දුටුගැමුණු වෘත්තාන්තය 2

රු500.00

  • Author: බන්දුසේන ගුණසේකර
  • Publisher: Dayawansa Jayakody & Company
  • Third Batch 2017
  • ISBN 978-955-686- 324-6
  • 311 Pages

Out of stock

Author: බන්දුසේන ගුණසේකර

Publisher: Dayawansa Jayakody & Company

Third Batch 2017

ISBN 978-955-686- 324-6

311 Pages

 

ලෛංගික චර්යාවන් වස්තු විෂය කොටගත්, එය ම අභිරුචියෙන් වර්ණනා කරන, ඊනියා පශ්චාත් නව්‍ය වාදීන්ගේ විකෘති මනෝචර්යාවන්ගෙන් නිර්මාණ සාහිත්‍යය මෑත්කොට ගැනීමට කාලය එළඹ ඇත.

ආධ්‍යාත්මික හා භෞතික ජීවන ධාරිතාව පෘථුල කරමින් සමාජ යථාර්ථය නිරූපණය කිරීමට, මනුෂ්‍යත්වය හඳුන්වා දෙමින් සමාජය ම්ලේච්ඡත්වයෙන් මුදා ගන්නට කලාව යොමු කිරීමේ වෑයම අදට අවශ්‍ය ය.

නිර්මාණ සාහිත්‍යය තුළින් මෙම ආධ්‍යාත්මික භාවනාව ගොඩ නඟන්නට යෙදෙන දායකත්වයෙන් මහඟුබව කියා පාමින්, එහිලා ජනශ්‍රැතිය ආභාසයට ගත හැකි ආකාරය පෙන්වා දෙන නිර්මාණ කාර්යයට හොඳ ම නිදසුනකි මෙම සුවඳ පත නල – වීර දුටුගැමුණු වෘත්තාන්තය.

ආර්ථික, සංස්කෘතික හා සමාජයීය විපර්යාසයන්ට විටින් විට භාජනය වන ලෝකය තුළ වෙනස් නොවී සිටින්නට හැක්කේ කාට ද? එහෙත් ඒ වෙනස මනුෂ්‍යත්වයෙන් බැහැරට නම් එය ඇති උන්නතිකාමය කුමක් ද? එය පරිහානියට නම්, විනාශයට නම් එම පරිණාමය නොවතොත් වඩා හොඳ නොවේ ද?

ඒ සඳහා පිළිතුරත් පිළියමත් සාහිත්‍ය නිර්මාණ තුළ ඇතැයි විද්වත්හු කියති. එම විසඳුම පිළිබඳ ඒක දේශයක් පෙන්වා දෙන කෘතියකි ” සුවඳ පත නල. ”

#SuwadaPathanalaWeeraDutugamunuVruthanthaya2 #BandusenaGunasekara #SinhalaPoth

Reviews

There are no reviews yet.

Be the first to review “සුවඳ පත නල වීර දුටුගැමුණු වෘත්තාන්තය 2”

Your email address will not be published. Required fields are marked *