Sale!
, , ,

සිංහල වංශ කතාව +ශ්‍රී ලංකාවේ පෘතුගීසි සටන් +යක්ෂ ගෝත්‍රිකයෝ +ශ්‍රී ලංකාවේ පුරාණ අංගම් ශාස්ත්‍රය

රු1,653.00

  • සිංහල වංශ කතාව +ශ්‍රී ලංකාවේ පෘතුගීසි සටන් +යක්ෂ ගෝත්‍රිකයෝ +ශ්‍රී ලංකාවේ පුරාණ අංගම් ශාස්ත්‍රය
  • සාමාන්‍ය මිල – රු. 1740/=
  • අපේ මිල – රු. 1653 /=

Out of stock

සිංහල වංශ කතාව +ශ්‍රී ලංකාවේ පෘතුගීසි සටන් +යක්ෂ ගෝත්‍රිකයෝ +ශ්‍රී ලංකාවේ පුරාණ අංගම් ශාස්ත්‍රය

සාමාන්‍ය මිල – රු. 1740/=

අපේ මිල – රු. 1653/=

රාජ්‍ය ශ්‍රී නාම සහිත අවුරුදු විසිඅට දහසක සිංහල වංශ කතාව

Author : පී.එස්.ටී .චූලවංශ

Publisher : Samanthi Publishers

Second Batch 2017

ISBN 978-955-0084-09-8

250 Pages

රාජ්‍ය ශ්‍රී නාම සහිත අවුරුදු විසිඅට දහසක සිංහල වංශකතාව,ග්‍රන්තයේ කර්තෘ සාහිත්‍යසූරී ආචාර්ය පී.එස්.ටී චූලවංශමහතා ස්වාභාවිකත්වය ගරු කරමින් සාහිත්‍යය පිළිබඳව  ග්‍රන්තකරනයේ යෙදෙන විද්වතෙකි.ඉතිහාසය පිළිබඳව ලිවීමේදී මිත්‍යාවෙන් සහ ගුප්ත අදහස් වලින් බැහැර විය යුතු බව ඉතිහාසයේ පියා වශයෙන් සැලකෙන හෙරඩෝටස් පඩිවරයාගේ (ක්‍රි.පූ.495-425) ද මතය විය. ගුප්ත අදහස් හා මිත්‍යා මතවාදවලින් තොරව සිංහල බෞද්ධයාට හිතකර වූ විද්‍යාත්මක මූලාශ්‍රඉදිරිපත් කිරීමට කතුවරයා දරණඋත්සාහය අගය කළ යුතුය.

නිදහස දිනාගත් දා සිට ද්‍රවිඩ නිජබිම් ඉතිහාසයක් ප්‍රබන්ධය කිරීමට සමහර ද්‍රවිඩ ජාතිවාදී පිරිස් විටින් විට විවිධ උත්සාහ දරා ඇති බව ඉතිහාසය හැදෑරීමේදී අපට පෙනෙන සත්‍යකි. අපගේ ඉතිහාසය පිළිබඳ කරුණු දැක්වීමේදි සිදුවූ ව්ව්ධ දුරුවලතා ද ඒ සඳහා හේත්වූ බවක් පෙනේ. ද්‍රවිඩ නිජබිම් ඉතිහාසයට මූලාශ්‍රය තබන්නේ ,බුදුධ වර්ෂය ,පිළිබඳව ඇති වරදක් නිසා යැයිවර්තමාන වියත්හු පවසති. ඉන්දියානු ඉතිහාසඥයන්ගේ මතය වන්නේ බුද්ධ වර්ෂය වැරදි බවයි. උතුමු වූ ශාස්තෘවරයාට කිසිද් අවමානයක්  සිදුනොවන පරිදි නොපමාව බුදුධ වර්ෂය නිවැරදි කළ යුතු බව ගෛගර් පඩිවරයාගේද අදහස විය.හෙළ සිංහල ඉතිහාසය ගවේෂකයන්ට මෙම ග්‍රන්ථය බොහෝසෙයින් ප්‍රයෝජනවත් විය හැකි බව මාගේ විශ්වාසයයි.සිංහල බෞද්ධයාට වඩාත් විශ්වාසදායී ශිෂ්ඨ සම්පන්න අතීතයක් ඇතැයි යන අදහස මෙම ග්‍රන්තය තුළින් ඉතා ගැඹුරින් සාකච්ඡා වන්නේය.

#SinhalaWanshaKathawa #PSTChulawansha #SinhalaPoth #SriLankaweIthihasaya

ශ්‍රී ලංකාවේ පෘතුග්‍රීසි සටන්

Author : පී ඇම්.සේනාරත්න

Publisher : Samanthi Publishers

First Edition 2020

ISBN 978-624-5442-68-3

136 Pages

වර්ෂ 1948 දී පෘතුගීසි නාවුකයෙකු වූ වස්කෝ ද ගාමා අප්‍රිකා මහද්වීපය වටකර ගනිමින් ඉන්දියාවට පිවිසෙන මුහුදු මාර්ගය සොයාගත්තේය.එතැන් පටන් පෘතුගීසිහු සහ වෙනත් යුරෝපීය ජාතීන් ආසියාවට ඒමට පටන් ගත්හ.

ඔවුහු කරුණු තුනකට මැදිකර පෙරදිග ජනතාව සිර කළහ. වෙළඳාම ,යුදුධය,ආගම එම කරුණු තුනයි. පෘතුගීසීන් ඉන්දියන් සාගරයට පැමිණ සත් වසරකට පසු ක්‍රි.ව. 1505 දී ලංකාවට ගොඩ බැසීමත් සමඟම බටහිර යටත් විජිත වාදී සෙවනැළි පතිතවීම ඇරඹුණි.ඔවුහු අපේ රටේ වෙළදාමට සම්බන්ධ වූහ .ආරක්ෂාවේ හවුල් කරුවන් වූහ .ඔවුන් ලංකාවට ගොඩබසින විට සිංහල රාජ්‍ය භේදබින්න වී බෙලහීනව තිබුණි. තෙකඩ වූ කෝට්ටේ  රාජධානියේ පාලකයන් තම රාජ්‍යය බලවත් කර ගැනීමට මේ ආක්‍රමනිකයන්ගේ සහය පැතුවෝය.

පාලකයෝ රටේ අභ්‍යන්තර අර්බුධවලට පෘතුගීසි සම්බන්ධ කර ගත්තා පමනක් නොව තඔවුන් මෙරටට ගෙන ආ ආගම් පවා වැළඳගත්තෝය.ඔවුන්ගේ භාෂාව.සංස්කෘතිය .වාසගම් නම් පවා වැළඳ ගත්තෝ ය. අවසානයේ සහයකයා  පාලකයා විය.පාලකයා රටවැසියා තලන්නෙකු විය.

මේ  පොතේ සඳහන් වන්නේ ලාංකිකයන් යටත් කර ගැනීමට  පෘත්‍රගීසීන් කල සටන් හා ඔවුන් පලවා හැරීමට ලාංකිකයන් කළ සටන් ය.

#SrilankawePruthugreesiSatan #PMSenarathne #SinhalaPoth #SriLankaweIthihasaya

යක්ෂ ගෝත්‍රිකයෝ

Author : මිරන්ඩෝ ඔබ්සේකර

Publisher : Samanthi Publishers

First Edition 2018

ISBN 978-955-084-223-0

84 Pages

අපේ රටේ ඉතිහාසය අවුරුදු 2500 පැරණියි කියන්නඅප පුරුදු වෙලා ඉන්නවා.නමුත් එය වැරදියි.කෙසේ නමුත් වසර  125000 කට වඩා පැරණි ඉතිහාසයක් අපට ඇත  ඒ බව පුරාවිද්‍යාඥයින් කරුණු සහ මානව විද්‍යාඥයින් කරුණු සොයාගෙන සාක්ෂි  ඉදිරිපත් කරල තියෙනව  මීට අවුරුදු 125000 පමණ එපිට  කාලයකදී දකුණේ වෙරළ තීරය වූ හම්බන්තොට දිස්ත්‍රික්කයේ බූන්දල.පතිරාජවෙල .මිනිහාගල්ල  කන්ද වගේ ප්‍රදේශවලට ආදී හොමෝසාපියන්වරු ගොඩබැසි  ඇති අතර එතැන් පටන් මෙරටේ මිනිසුන් වාසය කරන්නත් පටන් ගෙන ඇත.

මීට අවුරුදු 7000කට පමණ කාලයකදී අපි ඉන්දියානු භූමිකඩෙන් වෙන් වෙලා දූපතක් වූ අතර  අපේ අනන්යතාවය තවදුරටත් තහවුරු වුනා  ඉන් පසු සාගරයෙන් වටවූ මේ  භූමිකඩේ  තනිවූ හා  තනිවෙච්ච අපි .අපිටම ආවේනික  සම්ප්‍රදායන්  තදැනුම් පද්දති ගොඩනගා  ගත්තා ඒ නිසා අපේ  දේශීයත්වය  අපට ආවේනණික ලෙස ගොඩ නැගුනා.

#YakshaGothrikayo #MirendoObeysekara #SinhalaPoth #SriLankaweIthihasaya

ශ්‍රී ලංකාවේ පුරාණ අංගම් ශාස්ත්‍රය

Author : මිරැන්ඩෝ ඔබේසේකර

Publisher : Samanthi Books Publisher

First Edition 2015

ISBN 978-955-084-132-5

104 Pages

ශ්‍රී ලංකාවේ රාවණ අධිරාජ්‍යා පිළිබඳ පර්යේෂණ ග්‍රන්ථ අටක් ලියා පල කළ ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර පුරාවිද්‍යාව, ඉතිහාසය, සාහිත්‍යය, ප්‍රාග් ඉතිහාසය පිළිබඳ පර්යේෂණ ග්‍රන්ථ පනස් හතක් පමණ ලියා පල කළ ප්‍රවීණ ලේඛකයෙකි.

අංගම් ශිල්පය පිළිබඳ ඔහු විසින් ලියා පල කළ මෙම ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ අංගම් පිළිබඳ ලියැවුණ එකම ග්‍රන්ථය ලෙස මා විශ්වාස කරමි.

අංගම් යනු අවි ආයුධ වලින් තොර ආත්මාරක්ෂක සටන් ක්‍රමයකි. එය පුරාණ තල්පත් මගින් ඉදිරිපත් කිරීමට කතුවරයා සමත් වී ඇත.

– මහාචාර්ය මර්වින් කුලතිලක –

ටෙක්සාස්, අමෙරිකා එක්සත් ජනපදය

#SriLankawePuranaAngamShashtraya #MirendoObeysekara #SinhalaPoth #SriLankaweIthihasaya

 

 

Weight 0.695 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සිංහල වංශ කතාව +ශ්‍රී ලංකාවේ පෘතුගීසි සටන් +යක්ෂ ගෝත්‍රිකයෝ +ශ්‍රී ලංකාවේ පුරාණ අංගම් ශාස්ත්‍රය”

Your email address will not be published. Required fields are marked *