, , ,

සිංහල රචනය හා සාහිත්‍ය රසාස්වාදය

රු1,000.00

  • Author: පී. තේනබදු
  • Publisher: Buddhist Cultural Center
  • Third Batch 2020
  • ISBN 978-955-663-226-2
  • 471 Pages

Availability: 1 in stock

Author: පී. තේනබදු

Publisher: Buddhist Cultural Center

Third Batch 2020

ISBN 978-955-663-226-2

471 Pages

 

මීරිගම රජයේ ගුරු අභ්‍යාස විද්‍යාලයයේ විදුහල්පති තනතුර හෙබවූ පී.තේනබදු මහතා විසින්, ගුරුවරුන්ට නිවැරදිව සිංහල භාෂාව උගැන්වීම සඳහා සකස් කරන ලද ග්‍රන්ථය සිංහල රචනය හා සාහිත්‍ය රසාස්වාදය වේ. මෙය සිංහල භාෂාව හා රචනය නිවැරදිව උගෙනීමට බෙහෙවින් ප්‍රයෝජනවත් වන ග්‍රන්ථයකි.

ප්‍රාචීන පණ්ඩිත ප්‍රාරම්භ විභාගයේ සිංහල විෂය නිර්දේශය යටතේ ආශ්‍රිත ග්‍රන්ථයක් වශයෙන් නිර්දේශ කර ඇති මෙම ග්‍රන්ථය අ.පො.ස. සාමාන්‍ය පෙළ – උසස් පෙළ සිංහල භාෂා සාහිත්‍ය විෂයයන් හදාරන්නන්ට ද බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වේ.

ආධුනික ලේඛකයන්ට මෙන්ම මාධ්‍යවේදින්ට ද මෙම පොත පරිශීලනය කිරීමෙන් බස නිවැරදිව හැසිර වීමට හා නිවැරදිව වියරණ විධි අනුගමනය කිරීමට ද ශක්තිය ලැබෙනු ඇත.

පිරිවෙන්වල උගන්නා ශිෂ්‍යයන් විසින් ද පරිශීලනය කළයුතු ග්‍රන්ථයකි.

උක්ත අනුක්ත, විභක්ති භේද, සමාන වචන, විරුද්ධ පද, රස, අලංකාර ආදී ගතයුතු හා උගැන්විය යුතු කරුණු රැසක් මෙම අගනා ග්‍රන්ථයේ අඩංගු වේ.

 

#SinhalaRachanayaHaSahithyaRasaswadaya #PThenabadu #SinhalaPoth #OnlineBooks

Weight 0.561 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සිංහල රචනය හා සාහිත්‍ය රසාස්වාදය”

Your email address will not be published. Required fields are marked *