Author: මහාචාර්ය නිමල් එෆ්. පෙරේරා
Publisher: Samanthi Publisher
First Edition 2009
ISBN : 978-955-8596-44-2
135 Pages
ස්වයංපෝෂිත හෙළ දෙරණේ, ගොවි කර්මාන්තය අදින් වසර දස දහසටත් ඈත අතීතයට දිව යයි. සත්‍ය වශයෙන් ම හෙළ දිවයිනේ ගොවි කර්මාන්තයකට වඩා ගම, පන්සල, වැව සහ කුඹුරු යන චතුර්පද්ධතියක් තුළ වූ ගොවි සංස්කෘතියක් වූ ගොවි සංස්කෘතියක් විය. මෙකී ගොවි සංස්කෘතිය, ඉහත චතුර්පද්ධතිය සමඟ සැබැඳියාවකින් පසු විය. ගොවිතැන හුදෙක් සංස්කෘතියක් වූ නිසා අනෙක් සංස්කෘති මෙන් ම ඊට ම ආවේණික භාෂාවක්, වහරක් විය. ගොවි බස නොහොත් ගොවි වහර, එකල හෙළ ගොවිකමේ සාර්ථකත්වය මෙන් ම රටේ සෞභාග්‍යය ද උකහා පෙන්වන මහා සංකේතයක් විය. ගොවි වහර කොතරම් ගෞරවනීය ද යත් එය සාමාන්‍ය ව්‍යවහාරික වහරට හාත්පසින් ම වෙනස් විය. එකී වහර ප්‍රාදේශීය වශයෙන් ද වෙනස් නො වූව නොවේ. එකළ ගොවිකම ගෞරවනීයත්වයේ ලා සැලකූ අතර ගොවියා රජෙකුට සමාන හෝ ඊට උසස් ලෙසත් ගෞරවයත්, පිළිගත්හ. මෙකී ආශිර්වාදය ම රටට සෞභාග්‍ය උදා කිරීමට ප්‍රමාමාණවත් විය. 20 වන ශත වර්ෂයේ මැද භාගයේ සිට හඳුන්වා දුන් “නවින තාක්ෂණය” හෙවත් ඊනියා ” හරිත විප්ලවය ” ක්‍රමයෙන් දිගහැරගත් විෂ අඩු වලින් ” දේශීය සෞභාග්‍යය ” බිලිගෙන “දුර්භාග්‍ය ” ඉදිරියට ගෙන ආවෝය. ගොවි සංස්කෘතිය, ගොවි කර්මාන්තය බවට පත් කිරීමෙන් ශාපලත් දේශයක් බවට පත් කළෝය. අප සියල්ලෝ එහි කොටස්කරුවෝය. එහි අනිටු ඵල අප භුක්ති වඳිමු. එදා ගොවි සංස්කෘතියේ බොහෝ අංග මෙන් ම ගොවි වහරද අද මැකී ගොසින් ය. මේ ග්‍රන්ථය අතීත සළකුණ සිහිපත් කරවයි.
#SampradaikaGoviBasVahara #NimalFPerera #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.