, ,

සාක්ෂිකරණය 2

රු1,000.00

  • Author : නීතිඥ හරීශ් පැල්පොල
  • Publisher : Sooriya Publisher
  • First Edition 2016
  • ISBN : 978-955-656-370-2
  • 404 Pages

Availability: 3 in stock

Author : නීතිඥ හරීශ් පැල්පොල

Publisher : Sooriya Publisher

First Edition 2016

ISBN : 978-955-656-370-2

404 Pages

නීතිඥ හරීශ් පැල්පොල මහතා නීති ක්ෂේත්‍රයේ විවිධ අංශයන් සම්බන්ධයෙන් ගවේෂණාත්මක හා තුලනාත්මක අධ්‍යයනයන් හා පර්යේෂණයන් සිදුකරමින් තමා විසින් සාක්ෂාත් කරගන්නා දැනුම් සම්භාරයන් නීති ක්ෂේත්‍රයේ නියැලෙන්නන් සමග සමාජ වෙබ් අඩවි ජාලයන් ඔස්සේ පවා නොමසුරුව හා නොපැකිලිව බෙදා හදා ගැනීම සිදුකරනු ලබන තරුණ නීතිවේදියෙකි. ඔහුගේ සාක්ෂිකරණය – 2, නඩුවකදී ලේඛන භාවිතා කිරීමේ දී දැනගත යුතු කරුණු කීපයක් හා සාක්ෂි ආඥාපනත, ප්‍රවාදක සාක්ෂි හා ප්‍රවාදක සාක්ෂි බැහැර කිරීමේ ඊතියට එරෙහි ව්‍යතිරේක (සාක්කි ආඥාපනතට අනුව) කෘතියද එලෙස ඔහු විසින් සාක්ෂි නීතියේ එන ඉතා වැදගත් සිද්ධාන්තයන් වන කඨිත සාක්ෂි, ලේඛණගත සාක්ෂි සහ නීති කෘතීන් වලදී ලේඛණ සාක්ෂි ලෙස ඉදිරිපත් කිරීමට සහ ආවේශ්‍ය කර ගැනීමට අදාළ නෛතික තත්ත්වයන් සහ ප්‍රවාදක සාක්ෂි බැහැර කිරීමට අදාළ නෛතික තත්ත්වයන් සාක්ෂි ආඥාපනතේ ප්‍රතිහාදන ආශ්‍රයෙන් සහ විනිශ්චිත නඩු තීන්දු ආශ්‍රයෙන් ඉතා සරලව ඉදිරිපත් කර තිබීම තුළින් මෙම කෘතිය නීතිය හදාරන අයවලුන්ට සහ නීති ක්ෂේත්‍රයේ නියැලෙන්නා වූ සැමදෙනාටම මහඟු අත්පොතක් වනු නොඅනුමානය.

හුදෙක් අපරාධ නඩු වලදී පමණක් නොව සිවිල් නඩුකරවලදී ද ලේඛණ සාක්ෂි ලෙස ඉදිරිපත් කිරීමට සහ අවශ්‍ය කර ගැනීමට අදාළ සාක්ෂි ආඥාපනතේ වැදගත් නෛතික ප්‍රතිපාදන, විනිශ්චිත සිවිල් නඩු තීන්දු ආශ්‍රයෙන් හරවත්ව ඉදිරිපත් කර ඇති ආකාරය තුළින් නීතිඥ හරීශ් පැල්පොල මහතාගේ අපරාධ නීතිය සහ සිවිල් නීතිය සම්බන්ධ ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුම මැනවින් පසක් කරයි. සිංහල භාෂාවෙන් පළකෙරෙන්නා වූ නීති කෘතීන් විරල වූ මෙවන් අවධියක නීතිඥ හරීශ් පැල්පොල මහතාගේ මෙම කෘතිය ඉතා කාලෝචිත හා සැමටම ප්‍රයෝජනවත් කෘතියක් වනවාට කිසිදු සැකයක් නොමැති බව මාගේ හැඟීමයි.

නවරත්න මාරසිංහ (එල්. එල්. බී. එල්. එල්. එම්. ඩී. එෆ්.එම්. එස්)

මහාධිකරණ විනිසුරු (අපරාධ හා සිවිල් අභියාචන)  , නැගෙනහිර පළාත්බද මහාධිකරණය – කල්මුණේ

 

#Sakshikaranaya2 #HarishPalpola #SinhalaPoth #OnlineBooks

Weight 0.460 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සාක්ෂිකරණය 2”

Your email address will not be published. Required fields are marked *