, , , ,

ස්ටීවන් හෝකිං

රු580.00

  • Author : සමරසිංහ ගුණසේකර
  • Publisher : Sunera Publisher
  • First Edition 2019
  • ISBN : 978-955-0079-98-8
  • 107 Pages

Out of stock

Author : සමරසිංහ ගුණසේකර

Publisher : Sunera Publisher

First Edition 2019

ISBN : 978-955-0079-98-8

107 Pages

ඔබ කියවන්නට යන මේ කෘතියට ප්‍රස්තුත වූ ස්ටීවන් හෝකිං ජීවත් වූ කාලයේත්, ජීවිතයට සමු දුන් පසුවත් ‘ අදහන්නට වටින මිනිසෙක් ‘ කියා කටපුරා කියන්නට පුළුවන් වූ විදියට ජීවත් වූ අසමසම මිනිසෙකි.

ඔහු විද්‍යාඥයෙකි. එසේ මෙසේ විද්‍යාඥයෙක් නොව අයිසෙක් නිව්ටන්, ඇල්බට් අයින්ස්ටයින්ට සමාන කළ හැකි මහා විද්‍යාඥයෙකි. ඔහු විද්‍යා ලේඛකයෙකි. ඔහු විසින් ප්‍රබන්ධිත ‘ කාලය පිළිබඳ සංක්ෂිප්ත ඉතිහාසය ‘ නම් පොත ලෝකයේ වැඩියෙන් අලෙවි වූ ජනප්‍රිය විද්‍යා පොත් අතර මුල්තැනට පත් කෘතියකි. ඔහු 21 හැවිරිදි වියේදී මාරක රෝගයකට ගොදුරු වුණේය. මෙම මාරක රෝගය උත්සන්න වී බොහෝ අවයව අප්‍රාණික වී රෝද පුටුවට කොටු වුණේය. ස්ටීවන් හෝකිංට වැළඳුණු මාරක රෝගයට ගොදුරු වූවකු සාමාන්‍යයෙන් ජීවත් වන්නේ අවුරුදු දෙකකට අඩු කාලයක් යැයි වෛද්‍යවරු අවධාරණයෙන් කියා සිටියෝය. එහෙත් මේ රෝගය සමඟ ඔහු අවුරුදු 54 ක් ජීවත් වුණේය. මරුවා දොරට තට්ටු කරද්දී ” පොඩ්ඩක් ඉන්න මට තව වැඩ කරන්න තිබෙනවා ” යැයි කියමින් ඔහු බොහෝ වැඩ කළේය. පොත පත ලීවේය. විශ්වය පිළිබඳ නොවූ විරූ මති මතාන්තර පළ කළේය. රෝද පුටුවට කොටු වී සිටියත් ලොව පුරා සැරි සැරුවේය. සීතලෙන් සීත වුණු ඇන්ටාටිකාවට පවා ගියේය.

එසේ වූ ස්ටීවන් හෝකිංට අපේ කාලයේ විශ්ව කර්ම මිනිසා යැයි අප කියන්නේ නිකමට නිකමට නොවේ. ඔහු හඳුනාගන්න වටින අසමසම මිනිසෙක් නිසා ය.

#StephenHawking #SteewanHoking #SamarasingheGunasekara #SinhalaPoth #OnlineBooks

Weight 0.187 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ස්ටීවන් හෝකිං”

Your email address will not be published. Required fields are marked *