, , , , ,

සරුංගල් ලුහුබඳින්නා

රු880.00

  • Author : ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද
  • The Kite Runner (by Khaled Hosseini) කෘතියේ සිංහල පරිවර්තනයකි
  • Publisher : Wijesooiya Publisher
  • Forth Batch 2019
  • ISBN : 978-955-652-366-9
  • 461 Pages

Availability: 1 in stock

Author : ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

The Kite Runner (by Khaled Hosseini) කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher : Wijesooiya Publisher

Forth Batch 2019

ISBN : 978-955-652-366-9

461 Pages

දොළොස් හැවිරිදි අමීර්ගේ එකම අරමුණ ගමේ පැවැත්වෙන සරුංගල් තරගයෙන් ජය ගෙන සිය පියාගේ සිත දිනාගැනීමයි. තමා දක්ෂයකු බව පියාට තහවුරු කර පෙන්වීමයි. හැම විටම ඔහුගේ සහායට ඉන්නා ඔහුගේ හිතෛෂී මිතුරු වන හසන් ඔහුට උදව් කිරීමට පොරොන්දු වෙයි. එහෙත් අඩු කුලයේ මෙහෙකරුවකු වන හසන් සතුව ඇති නිර්භීතභාවය නිසාත්, ඔහු පිළිබඳව සිය පියාගේ සිතේ ඇති ඇල්ම නිසාත් අමීර් ඔහුට ඊර්ෂ්‍යා කරයි. මේ අතර තරගය පැවැත්වුණු දිනයේ සැන්දෑවේ හසන්ට මුහුණ දෙන්නට සිදුවන අතිශයින් කටුක අත්දැකීමක් සමග ඔවුන් සියලු දෙනාගේම ජීවිත දෙදරා යයි. අමීර් ඔහුගේ මුළු ජීවිතයටම ඔහුට හමුවූ හොඳම මිතුරාට ද්‍රෝහි වෙයි. රුසියානු ආක්‍රමණයෙන් පසුව සිය පියා සමග ඇෆ්ගනිස්තානයෙන් ඇමරිකාවට පලා යන අමීර්, වසර විස්සකට පසුව තමාගේ නව ලෝකයෙන් තමාට ලබාගත නොහැකි එකම එක දෙය. විමුක්තිය සොයා යම් දිනයක තමා නැවත සිය මවු රටට යා යුතු බව තේරුම් ගනියි.

‘ හොසෙයිනි සත්‍ය වශයෙන්ම අතිදක්ෂ කතාකරුවෙකි…. ඔබේ හදවතේ ඇති සියලු තත් පිරිමැද ඊට ගී ගයන්නට සලස්වන්නට ඔහු බිය නොවෙයි ‘

-ද ටයිම්ස්

‘ සත්‍ය ලෙසින්ම සත්‍යය කැටි කොටගත් දයාර්ද්‍ර වූ කතා පුවතකි. සිය දුර්දෛව වරද නිවැරදි කරගැනීම සඳහා සටන් කරන්නා අමීර් වූවත්, ඔහු කතාවේ වීරයා වූවත්, ඔබේ උගුරේ ගුළියක් සිරවී ඇතිවාක් වැනි හැඟීමක් ඔබ තුළ ඇති කරන්නේ හසන්ගේ නිහඬ, පරිත්‍යාගශීලී ආදරයයි ‘

-ඩේලි මේල්

‘ මතකයෙන් ඉවත් කළ නොහැකි, අපූර්ව කතාවකි. එය කොතරම් ප්‍රබලද කියතොත් ඊට බොහෝ කාලයකට පසුවත්, මා කියවූ සියල්ල ඇල් මැරුණු කතාන්දර මෙන් පෙනිණි ‘

-විලී ජාතික ලේඛිකා ඉසබෙල් අයියන්දේ

#SarungalLuhubadinna #SarungalLuhubandinna #GangaNiroshiniSuduwelikanda #SinhalaPoth #SinhalaParivarthanaPoth #OnlineBooks

Weight 0.528 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සරුංගල් ලුහුබඳින්නා”

Your email address will not be published. Required fields are marked *