Sale!
, ,

සරත් විජේසූරිය මහතාගේ කෘති එකතුව 2

Original price was: රු2,010.00.Current price is: රු1,910.00.

  • දරුවන් දිවි නසා ගන්නේ ඇයි + දරුවන්ට ගහන්න එපා + ආදරණීය දෙමාපියනි + දරුවන්ට දඬුවම් කරන්නේ කෙසේද? + දරුවන්ගේ කෝපය පාලනය කරන්නේ කෙසේද?
  • සාමාන්‍ය මිල – රු. 2010/=
  • අපේ මිල – රු. 1910/=

Availability: 6 in stock

දරුවන් දිවි නසා ගන්නේ ඇයි + දරුවන්ට ගහන්න එපා + ආදරණීය දෙමාපියනි + දරුවන්ට දඬුවම් කරන්නේ කෙසේද? + දරුවන්ගේ කෝපය පාලනය කරන්නේ කෙසේද?

සාමාන්‍ය මිල – රු. 2010/=

අපේ මිල – රු. 1910/=

 

දරුවන් දිවි නසා ගන්නේ ඇයි ?

Author : සරත් විජේසූරිය 

Publisher : Wijesooriya Publisher

Fourth Batch 2019

ISBN 978-955-652-574-8

97 Pages

නව යොවුන් වියේ දරුවෙකු දිවි නසා ගැනීම ඛේදයකි. මේ අකාරුණික කාරණාව සම්බන්ධයෙන් ගුරු භවතුන් මෙන්ම වැඩිහිටියන් ද සංවේදී විය යුතුය. දරුවන්ට ජීවිත ආශාව නැති වීමට තුඩු දෙන කාරණා, ආවේගශීලී නොවී;වටහා ගැනීම දෙමාපියන්ගේ වගකීමකි. ගුරුභවතුන් යනු අඩු වැඩි වශයෙන් තවත් විදිහක දෙමාපියන් නොවේ ද? එබැවින් දෙමාපියන් හැටියට වර්තමානයේ සංකීර්ණ ප්‍රශ්නවලට මැදි වන දරුවන්ගේ දිවි පැවැත්මට අවශ්‍ය ආත්ම විශ්වාසය; ආත්මාභිමානය ඇති කිරීමට අවබෝධයෙන්; සංවේදීව මැදිහත්වීම අත්‍යවශ්‍ය වේ. දරුවන් තම කායික ශක්තියෙන් හෝ වාචික ශක්තියෙන් පාලනය කර ගැනීමට උත්සුක වීම නොව සිදුවිය යුත්තේ නව යොවුන් වියට සංවේදීව කරුණු අවබෝධ කර ගැනීමය. මේ ඒ වෙනුවෙන් මඟ පෙන්වීමකි. 

#DaruwanDiwinasagnneAi #SarathWijesooriya #SinhalaPoth 

 

‍දරුවන්ට ගහන්න එපා

Author : සරත් විජේසූරිය 

Publisher : Wijesooriya Publisher

Fourteenth Batch 2019

ISBN 978-955-652-105-5

212 Pages

පාසල සංස්කෘතිය පවරා දෙන තැනකි. දේශපාලන සමාජ හා ආර්ථික වශයෙන් බිඳ වැටුණු සමාජයක පාසලට නිරුපද්‍රිතව පවතින්නට අපහසුය. එහෙත් ආපසු හැරී බලන විට රටක අධ්‍යාපනය හා සංස්කෘතිය කඩාවැටීම සියලු ව්‍යසනයන්ට මුල්වී ඇති බව පිළිගන්නට සිදු වෙයි. 

දිනෙන් දින ප්‍රචණ්ඩත්වය ඉහවහා යන වාතාවරණයක අපට ජීවත් වීමට සිදු වී තිබේ. වෙනත් අයුරකින් පවසතොත් අප ජීවත්වන්නේ – අපේ දරුවන්ට ජීවත්වීමට සිදුවී තිබෙන්නේ වැඩිහිටියන් විසින් බරපතල ලෙස දුෂණය කරන ලද සමාජයකය.

#DaruwantaGahannaepa #SarathWijesooriya #SinhalaPoth

ආදරණීය දෙමාපියනි

Author: සරත් විජේසූරිය

Publisher: Wijesooriya Publishers

Eleventh Edition 2019

ISBN 978-955-652-906-7

200 Pages

දරුවන් සිටින නූතන දෙමාපියන්, වෙනස් වන සමාජයක ජීවත් වන නූතන දෙමාපියන්, වෙනස් වෙමින් විපරිත වන සමාජයක ජීවත් වන නූතන දෙමාපියන්, තමාගේ භූමිකාව නිවැරදි ව හඳුනා ගෙන තිබෙන්නේ ද? දරුවන් බිහි කළ ද, දරුවන්ට ඉගැන්වීමට මහන්සි ගත්ත ද, අවසන දරුවන් දෙයාකාරයකින් අසාර්ථක ඵල ලබන්නේ ය. එක් ඵලයක් නම් දරුවන් අධ්‍යාපනය පමණක් නොව ජීවිතය ද අසාර්ථක කර ගැනීමයි. අනෙක් ඵලය නම් අධ්‍යපනය සාර්ථක කර ගත්ත ද, ජීවිතය අසාර්ථක කර ගැනීමයි. ඒ මන් ද?

තම දරුවා වෙනුවෙන් මාපියන් තම භූමිකා අර්ථසම්පන්න ව නිරූපණය කිරීමට අවශ්‍ය අවබෝධය හා විනය, ඥානාලෝකයක් සේ තමන් සන්තක කර ගන්නේ කෙසේ ද? මේ ප්‍රශ්න සදහා උත්තර විවිධ මානයන්ගෙන් දෙමාපියන්ට ලබා දීමට, ගුරු භවතුන්, පාසල් ප්‍රධානීන් මෙන් ම මා දැරූ උත්සාහයක් ඵලයක් ඔස්සේ ය මේ පොත සම්පාදනය වී තිබෙන්නේ.

 

#AdaraneeyaDemapiyani #Sarathwijesooriya #SinhalaPoth 

දරුවන්ට දඬුවම් කරන්නේ කෙසේද?

Author:  සරත් විජේසූරිය 

Publisher : Wijayasooriya Grantha Kendraya

Tenth Batch 2019

ISBN 978-955-652-485-7

 258  Pages

 

මා බොරුකාරයෙක් නම්, ළමයින්ට ඇත්ත කීමට ඉගැන්වීමෙන් පලක් නැත. ශිෂ්‍යයින් නිර්භීත කිරීමට බිය ගුලු ගුරුවරයෙක් කිසි දිනෙක සමත් නො වනු ඇත. ආත්ම සංවරයට අමුත්තෙකු වූවකුට තම ශිෂ්‍යයින්ට ආත්ම සංවරයේ අගය කිසි දාක ඉගැන්වීමට නො හැකි වනු ඇත.

                                                                           මහත්මා ගාන්ධි 

ගුරුවරයා දෙන අධ්‍යාපනයට වඩා ඔහු⁣ ගේ හැසිරීම් රටාව කොතරම් දැඩි ලෙස සිසුන් උකහා ගත්තේ ද යන වග මට දැන් වැටහෙයි. කිසි ම උත්සාහයකින්  තොර ව, මගේ ගුරුවරුන් ගේ නොයිවසිලිමත් කම, කේන්ති යෑම, පක්ෂග්‍රාහි කම හා අසාධාරණය මගේ සිත තුළට කිඳා බැස තිබිණි. එනමුදු ඔවුන් ගේ ඉගැන්වීම් මගේ සිතෙහි රැඳුණේ නැත. මේ කුරිරු ක්‍රියා එකකුදු පණ ඇති සතෙකු කෙරෙහි පෑමට මා සමත් නො වීම මා ලත් එක ම සැනසීමයි.

                                                                    රවීන්ද්‍රනාථ ඨාකූර්

#DaruwantaDaduvamKaranneKeseda #SarathWijesooriya #SinhalaPoth

දරුවන්ගේ කෝපය පාලනය කරන්නේ කෙසේද ?

Author : ධනපාල ගුණසේකර 

Publisher : Wijesooriya Publisher

Fifth Batch 2019

ISBN 978-955-652-605-9

150 Pages

කෝපය යනු මිනිසා තුළ ඇති ඉතා බලවත් වූද, විනාශකාරී වූද, මුළුමහත් සත්ව ලෝකයටම පොදු වූද මූලික ආවේගයකි. කෝපය වයස් ප්‍රභේදයක් හෝ ලිංග භේදයක් නොමැත. උපතේ සිට මියයන තෙක්ම අපි විවිධ හේතූන් නිසා කෝපයෙන් පෙළෙමු. පුද්ගලයෙකු තුළ ඇතිවන නොරිස්සුම් සුළු බවේ සිට ප්‍රචණ්ඩත්වය දක්වා පරාසයක පැතිර පවත්නා ආවේගාත්මක ස්වභාවය කෝපය ලෙස හැඳින්විය හැකියි. අනතුරක ඉවත් දැනුණු ඊට එරෙහිව නැගී සිටීමටද කෝපය ලෙස සමහරු හඳුන්වති. මනෝ විදයාඥායින්ට අනුව කෝපය යනු හැම මිනිසෙකුටම පොදූ වූද, මුලික වූද, ඇතැම්විට මිනිසාගේ පැවැත්මට හිතකර වූද ආවේගයකි. 

#DaruwangeKopayaPalanayaKaranneKeseda #DanapalaGunasekara #SinhalaPoth

 

 

Weight 1.063 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සරත් විජේසූරිය මහතාගේ කෘති එකතුව 2”

Your email address will not be published. Required fields are marked *