, ,

සපරගමු දවුල

රු750.00

  • Author : සමන් කුමාරතුංග
  • Publisher: Sooriya Publishers
  • First Edition 2018
  • ISBN 978-955-656-472-3
  • 272 Pages

Availability: 2 in stock

Author : සමන් කුමාරතුංග

Publisher: Sooriya Publishers

First Edition 2018

ISBN 978-955-656-472-3

272 Pages

 

සබරගමු නර්තන සංස්කෘතියේ පුළුල් සාහිත්‍ය විෂය ක්ෂේත්‍රය හාරා අවුස්සා එහි මුල්  බිජුවට ස්වකීය විමර්ශනාක්ෂියෙන් විනිවිධ දැක එහි අග්‍ර ඵලය පර්යේෂණ කෘති කිහිපයක් මගින් පාඨක අප වෙත ඉදිරිපත් කර ඇති සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ සබරගමු නර්තන අධ්‍යයනාංශ ප්‍රධාන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශනපති සමන් කුමාරතුංග ලේඛකයා වූ කලී වෙසෙසින් පැසසුම් ලැබිය යුතු ශාස්ත්‍රඥයෙකි. මක්නිසාදයත්, ඔහු අතැඹුලක් සේ සේවිත ස්වකීය කලා විෂයේ ගායන, වාදන, නර්තන මතු නොව කැටයම් හා ඇඹුම් කලාව පිළිබඳව ද මනා පටුත්වයක් ඇති තරුණ ගවේෂකයෙකු හා ප්‍රශස්ත ලේඛකයෙකු වන බැවිනි. සපරගමු දවුල නිවැරදි පඤ්චාංගික තූර්ය සහ දවුල් වාදන සංස්කෘතිය නමින් හඳුන්වන මෙම පර්යේෂණ කෘතිය වූ කලී පඤ්චාංගික, පඤ්චතූර්ය ආදී වශයෙන් බොහෝ දෙනා දන්නා විෂය ක්ෂේත්‍රයේ මෙතෙක් භාවිත සාවද්‍ය අර්ථකථන, සාවද්‍ය යෙදුම් හා කථා ප්‍රවෘත්ති පිළිබඳ රචනා කරන ලද තුලනාත්මක ග්‍රන්ථයකි. එය විශ්වවිද්‍යාල උගතුන්, විද්‍යාර්ථින් මතු නොව සාමාන්‍ය පාඨකයාටත් පාසල් දරු දැරියන්ටත් නවතම කරුණු කියාදෙන වටිනා පුස්ථකයකි. නර්තන විෂය ක්ෂේත්‍රයේ පවත්නා දුර්මත හා හිතලු නිෂ්ප්‍රභකොට ඒ පිළිබඳ ගවේෂණාත්මක ග්‍රන්ථ රචනය තත් විෂය ක්ෂේත්‍රයේ ප්‍රගමනයට හේතු වේ. එබැවින් මෙම කෘතිය නර්තන කලා ක්ෂේත්‍රයට දල්වන ලද මිණී පහනක් බඳු වේ.

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ , නර්තන හා නාට්‍ය කලා පීඨයේ පීඨාධිපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මුදියන්සේ දිසානායක

#SaparagamuDawla #SamanKumarathunga #SinhalaPoth #OnlineBooks

 

WhatsApp us